රත්මලාන කඳවල මාර්ගය සහ එහි කානු පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍යතුමිය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
ප්‍රදේශයේ පවතින ජල ගැලීම් ගැටලු සහ මගීන්ට මුහුණපාන්නට සිදුව ඇති අපහසුතාවන්ට විසඳුම් ලබා දීමේ අරමුණින් මෙම සංවර්ධන කටයුතු ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස ඇය අවධාරණය කර ඇත.
















