ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා (චොකා මල්ලි) අද (22) ඇප මත මුදාහැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
පවුලේ සාමාජිකයන් සමඟ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී ඇති වූ ආරවුලකදී, බලපත්‍රය කල් ඉකුත් වූ ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළ බවට ලද පැමිණිල්ලකට අනුව ඊයේ (21) රාත්‍රියේ නුවරඑළිය පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
අද දහවල් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















