• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රත්නපුර ශික්ෂණ රෝහලට රු. ලක්ෂ 500 ක් වටිනා PCR යන්ත්‍රයක්

30 March 2021
in සංවර්ධන

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් -19 වෛරසය මර්දනය කිරීමේ වැඩපිළිවෙලට රාජ්‍ය අංශයෙන් මෙන්ම පෞද්ගලික අංශයෙන් ද පූර්ණ දායකත්වය ලැබුන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් රුපියල් ලක්ෂ 500 ක් වටිනා PCR පරික්ෂණ යන්ත්‍රයක් රත්නපුර ශික්ෂණ රෝහලට පරිත්‍යාග කිරීම වෙනුවෙන් අද (30) රත්නපුර රෝහලේ පැවැති උත්සවයට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – “රත්නපුර රෝහල සබරගමුව පළාතේ තිබෙන විශාලම රෝහලයි. මෙම රෝහල මගින් වර්ග කිලෝමීටර 4968 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටි කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක තුල මිලියන 02 කට අධික ජනතාවට මෙන්ම ආසන්න පළාත් සදහා ද සෞඛ්‍ය සේවාවන් සපයනු ලබනවා.රජය ගෙනයනු ලැබූ කොවිඩ් මර්දන වැඩපිළිවෙලේ දී පෞද්ගලික අංශයෙන් මෙවැනි පරිත්‍යාග ලැබීම රජයට විශාල සහනයක් වුණා. කොවිඩ් වෛරසය ව්‍යාප්තිය සමග රටේ ආර්ථිකය විශාල වශයෙන් බිඳ වැටුනා. එහිදී පෞද්ගලික අංශයෙන් ලැබුන ආධාර උපකාර සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව, ශක්තිමත්ව පවත්වාගෙන යාමට විශාල ශක්තියක් වුණා. මෙම PCR පරික්ෂණ යන්ත්‍රය රත්නපුර රෝහලට ලැබීමත් සමග කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රීක්කයේ දුෂ්කර ප්‍රදේශවල සිටින දිළිදු ජනතාවට විශාල සේවාවක් ලබාදීමට හැකි වෙනවා. මෙම PCR පරික්ෂණ යන්ත්‍රය මගින් කොවිඩ් පරික්ෂණ කටයුතු වලට අමතරව තවත් පරික්ෂණ කටයුතු රැසක් සිදු කළ හැකි වෙනවා.”

මෙම උත්සව අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, හිටපු පළාත් අමාත්‍ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන්ද, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නියෝජනය කරමින් සභාපති ජගත් වැල්ලවත්ත, ප්‍රධාන විධායක නිලධාරි චන්දන අළුත්ගම, රත්නපුර ප්‍රාදේශිය කළමණාකරු අජිත් කුලසේන, රත්නපුර ශාඛා කළමණාකරු ශ්‍රියන්ත කුමාර යන මහත්වරුන් ද, රත්නපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුජ රොඩ්‍රිගෝ මහතා, රත්නපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රියණි රණසිංහ මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 9
Previous Post

වරාය නගර සහ හම්බන්තොට වරාය ව්‍යාපෘති කඩිනම් කෙරේ – ජනපති හා චීන ජනපති අතර දුරකතන සාකච්ඡාවක්

Next Post

නිස්කලංක ජීවිතයකට ප්‍රයිම් CLOVER IN THALAWATHUGODA

editor

editor

Next Post

නිස්කලංක ජීවිතයකට ප්‍රයිම් CLOVER IN THALAWATHUGODA

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved