යතුරුපැදි නව ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩසටහනක් ගම්පහ දිස්ත්රික්කයෙන් අද (19) ආරම්භ වී තිබේ. මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්රික් ප්රාදේශීය කාර්යාලයේදී මෙම කටයුතු නිල වශයෙන් ආරම්භ වූ අතර, මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් (විශ්රාමික) එයාර් වයිස් මාෂල් තුෂාර ප්රනාන්දු මහතා විසින් ප්රථම සේවාලාභියා වෙත නව ලියාපදිංචි සහතිකය නිල වශයෙන් භාරදෙනු ලැබීය.
මීට සමගාමීව යාපනය, හම්බන්තොට, අනුරාධපුරය සහ කුරුණෑගල යන දිස්ත්රික්කවලද මෙම යතුරුපැදි නව ලියාපදිංචි කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇති අතර, මෙම නව වැඩපිළිවෙළ මඟින් අදාළ ප්රදේශවල පදිංචි ජනතාවට තමන්ට ආසන්නතම ප්රාදේශීය කාර්යාලය වෙත පැමිණ ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව තම යතුරුපැදි ලියාපදිංචි කරගැනීමේ පහසුකම හිමිවන බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
















