ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට මූල්‍ය පාඩුවක් සිදු කර ඇතැයි පවසමින් සිදු කරන පරීක්ෂණයකට අදාළ ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත පෙනී සිටීමට නියමිතව තිබේ.
මීට පෙර ඔහුට අල්ලස් කොමිසම හමුවට පෙනී සිටින ලෙස දන්වා තිබුණද, ඔහු පෙනී නොසිටීම හේතුවෙන් අගෝස්තු 29 වන දින කොමිෂන් සභා නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසටද ගොස් තිබුණි. එම අවස්ථාවේදී ඔහු නිවසේ නොසිටි අතර, ඔහුගේ දියණියගේ විවාහ මංගල කටයුතුවල නිරත වීම හේතුවෙන් නීතිඥයින් විසින් වෙනත් දිනයක් ඉල්ලා සිටීම නිසා ඔහු අද දින කොමිෂම හමුවට පෙනී සිටීමට නියමිතව ඇති බව නීතිඥයින් පවසා ඇත.
















