පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහා අද අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදීය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායකට මෙම චෝදනා එල්ල වී ඇත. මෙම විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට අවස්ථා කිහිපයකදීම දැනුම් දී තිබුණද ඔහු මීට පෙර එම කොමිසම හමුවට පැමිණ තිබුණේ නැති අතර, ඒ හේතුවෙන් කොමිසමේ නිලධාරීන් පිරිසක් පෙරේදා ඔහුගේ නිවස වෙතද ගොස් තිබිණි.
















