27 April 2024
#දේශීය

ලියාපදිංචි නොකල ඖෂධ ගෙන්වීම ඉඩ දීම බරපතල මාෆියාවක් බව රවී කුමුදේශ් කියයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව පවතින්නේ හදිසි අපදාමය තත්වයක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඖෂධ නියාමන අධිකාරි පනත ප්‍රතිපාදන ඖෂධ සහ සෞඛ්‍ය සැපයුම් ඒකාධිකාරියකට පාර කපා ඇති බව හෙතෙම පැවසිය.

එය ඉන්දීය ණය අධාර යටතේ හෝ පවතින ආර්ථික අර්බුධයට ගැලපෙන අළුත් සැපයුම්කරුවන් වෙළඳපලට ඇතුළුවීමට අධෛර්‍යට පත් කිරීමත් ද ඇතැම් සමාගම් ඒජන්තයින් විසින් නියාමන අධිකාරියට මුවා වෙමින් සිදු කර ලද්දක් බවක් බව කුමුදේශ් මහතා කියා සිටියේය.

එමෙන්ම රටට පහසුවෙන් භාවිත කල හැකි මුල්‍යම හැකිවන්ට ගැලපෙන සැපයුම්කරුවන් දිරිමත් කිරීම වෙනුවට, අධිකාරියේ ක්‍රමය සැලකිලිමත් වුණේ ඒ වටා සිටින අයගේ වාසි සහ වරදාන් පිළිබඳවත් ඒ නිසාම ඉන්දීය ණය ආධාර යටතේ පහසුවෙන් සපයා ගත හැකිව තිබුණු සෞඛ්‍ය සැපයුම් නොලැබී ගිය බවත් බෝහෝ ඒවා ප්‍රමාද වු බවද ඔහු අනාවරණ කලේය.

තරඟකාරී නොවන මිලට, ලියාපදිංචි නොකල ඖෂධ රටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු විවිධ පාර්ශව පාර කපාගෙන ඇත්තේද, ඇතැම් විශේෂඥයින්ගේ සහ නියාමන අධිකාරියේ වැරදි හැසිරීම භාවිතා කර ඇති බව ද ඔහු කියා සිටියේය.

ඒ නිසා ලියාපදිංචි නොකල ඖෂධ හෝ සෞඛ්‍ය සැපයුම් ගෙන්වීම පිළිබඳව, ඒවා වලක්වන්න ස්ථාපිතකර තිබෙන නියාමන අධිකාරිය වග කියන්න ඕනේ. ප්‍රායෝගික නොවන, ඒකාධිකාරය රකින ක්‍රමයක් හදපු අයත් වග කියන්න ඕනෑ කුමුදේශ් මහතා පැවසිය.

කුමුදේශ් මහතා කියා සිටියේ ඖෂධ ලියාපදිංචිය නොමැති ඒවා රටට එන්නේ, ලියාපදිංචිය ලබාදෙන ක්‍රමයේ වැරදි නිසා බවත් ඒ ක්‍රමය පහසුකම් නොසලසන නිසා ඒ ක්‍රමය මාෆියාවන්ට යට වෙලා තිබෙන නිසා බවයි.

මේ අර්බුධයට මුහුණ දීම සදහා නියාමන අධිකාරිය අළුත් සැපයුම්කරුවන් ඇතුළු කර ගැනීමට කරන බාධාවන් නවතා දමලා, කෙටි කාලයකින් අවශ්‍ය ලියාපදිංචි කිරීම ලබා දිය හැකි ප්‍රායෝගික ක්‍රමයකට යා යුතු බව රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *