27 April 2024
#දේශීය

අසාධාරණයට එරෙහිව එක්වන්නැයි රවි කියයි

මහබැංකු බැදුම්කරය සම්බන්ධයෙන් තමන් නිර්දෝශි අයෙකු බවත් අත්අඩංගුවට ගන්නැයි නියෝග කිරීමට අසාධාරණය බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ඒ මහතා අද (04) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ මෙය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බවයි.

මෙය මැතිවරණය ඉලක්ක කරගෙන කරනු ලබන පලිගැනීමක් බව ඔහු කියා සිටියේය. වෝහාරික වාර්තාව පදනම් කරගෙන වසර ගණනාවක් තිස්සේ මේ සිදු කරන්නේ තමාගේ නාමය හානියක් බවත් එම සිද්ධිය වු කාලයේදී තමා ජනාධිපතිවරයාට පවා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මගින් කටයුතු කරන ලෙස යැයි කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එසේම මෙවැනි අසාධාරණ ලෙස පලිගැනීම් සම්බන්ධයෙන් ජනතාව පෙළ ගැසිය යුතු බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *