• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඕනෑම අභියෝගයකට සුදානම් – ඇමැති ප්‍රසන්න

12 August 2021
in දේශීය

වර්තමාන තත්ත්වය තුළ තමාට විශාල අභියෝගයක් ඇති බවත් එම වගකීම බාර ගෙන සාර්ථකව ඉදිරියට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා බාරදෙන ඕනෑම වගකීමක් නිසි ලෙස ඉටු කිරීමට තමන් සූදානම් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයට වසර දෙසීයක් සපිරීම නිමිත්තෙන් නිල ලාංඡනය එළිදැක්වීමේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  “ ගුරු විදුහල්පති ගැටලුව විසඳීම සම්බන්ධයෙන් පත්කළ කැබිනට් අනු කමිටුව ඉදිරියේදී ගුරු විදුහල්පති වෘත්තිය සමිති සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මගේ මවත් ගුරුවරියක්. ගුරුවරුන්ට ලැබිය යුතු යුතුකම වගකීම ගෞරවය ලැබෙන්න ඕන කියන දේ ජනාධිපතිවරයාත් අපිත් පිළිගන්නවා. නමුත් ඒ අයගේ ප්‍රශ්න වලට විසඳුම් සොයද්දී බාහිර ප්‍රශ්න ඇති වෙන එක වළක්වාගෙන ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන ස්ථාවරයේ ජනාධිපතිවරයා ඉන්නවා.ඒ අනුව කටයුතු කරන්න පුළුවන්.නමුත් වෘත්තිය සමිති කටයුතු කරන ආකාරය පිළිබඳව අමාත්‍යවරයෙක් හැටියට මම විරුද්ධයි. කොවිඩ් වසංගතය තුළ මෙ කරන දේ හරහා විශාල පිරිසක් රෝගයට ගොදුරු වෙලා අසරණ තත්ත්වයට පත් වෙනවා.දරුවන්ව උගසට තියලා කිසිම දෙයක් කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ.ඒ නිසා වගකිවයුතු ගුරු ගෞරවය රකින අය අද අපට කතා කරනවා.හැමෝම එකතු වුණොත් මේ ගැටළුවට විසඳුමක් සොයා ගන්න පුළුවන් කියලා මම හිතනවා.  ගුරු විදුහල්පති ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී පැහැදිලිවම ගුරුවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පැහැදිලි කලා. මේ කැබිනට් අනු කමිටුව පත් කරලා තිබෙන්නෙත් ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධව ගත යුතු ක්‍රමවේද ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා තීරණය කරන්නයි.

කැබිනට් සංශෝධනයෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍ය ධුරය ලැබෙන්නේ දැයි මාධ්‍යවේදියකු සිදු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ තමා දැනට දරන සංචාරක අමාත්‍යාංශය ඉතාම වගකීම් සහගත අමාත්‍යාංශයක් බවයි. 

රටට විදේශ විනිමය ඩොලර්වලින් ගෙන ඒම සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය තුළ තමාට විශාල අභියෝගයක් ඇති බවත් එම වගකීම බාර ගෙන සාර්ථකව ඉදිරියට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය. ජනාධිපතිවරයා හා අගමැතිවරයා බාරදෙන ඕනෑම වගකීමක් නිසි ලෙස ඉටු කිරීමට තමන් සූදානම් බව ද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 

Post Views: 8
Previous Post

ජීවිත දෙවියන්ට බාර දෙන්නට ආණ්ඩුවක් මොකටද – විපක්ෂනායක

Next Post

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුරෝපා සංගමයෙන් රුපියල් මිලියන 61 ක තාක්‍ෂණික උපකරණ පරිත්‍යාගයක්

editor

editor

Next Post

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුරෝපා සංගමයෙන් රුපියල් මිලියන 61 ක තාක්‍ෂණික උපකරණ පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved