8 September 2024
#දේශීය #පුවත්

මෛත්‍රි පිලෙන් ජනාධිපතිවරණයට සුදානම් 

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝජනය කරන ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරියේදී පැවැත්වෙන ජනාධීපතිවරණයට අපේක්ෂකයෙකු අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ වන විට යෝජනා වී ඇති අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඒ සඳහා ඉදිරිපත් වනු ඇත.

මේ වන විට නිදහස් පක්ෂයේ පවතින නඩු විභාග වල ප්‍රතිඵල අනුව ඉදිරියේදී තීන්දු තීරණ ගනු ඇති බව වාර්තා වේ.

පසුගියදා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් සමඟ ද පැවැති සාකච්ඡාවේදී නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයෙකු පත් කල යුතු බව යෝජනා වී ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු ලබා දෙන්නෙකු අප වෙත පවසා සිටියේය.

ඒසේම බහුතරයගේ කැමැත්ත මේ අවස්ථාවේ යෝජනා වී ඇති විජේදාස රාජපක්ෂ මහතාව ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීමටය.

විජේදාස රාජපක්ෂ මහතා මේ වන විට මෙරට ඇති සියළුම විහාරස්ථානවල ගෞවරයට ලක්ව ඇති අතර ඔහු පරිණත දේශපාලනඥයෙකු බැවින් ජනතාවගේ විශ්වාසය දිනා ගත හැකි බව බෝහෝ දෙනාගේ මතය වී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *