27 April 2024
#දේශීය

කොළඹ ගාලුමුවදොර විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිරිමට සුදානම් – අගමැති

කොළඹ ගාලු මුවදොර විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ සමාජ,ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්වී දැනට විරෝධතාවයේ නිරතවන පිරිස සමග සාකච්ඡාවකට තමා සූදානම් බවයි.

ඒ අනුව රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිත බව ද එහි සඳහන් ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *