• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සිවුරු ආනයනය වෙනුවට දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට සුදානම් – ඇමැති විමල්

20 September 2020
in ව්‍යාපාර

දේශීය නිර්මාණකරුවන් ලවා ඉදිරියේදී සිවුරු නිපදවීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම කඩිනමින් කල යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මෙරට වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා 40,000කට අධික පිරිසක් වෙනුවෙන් අවශ්‍ය කරන නියමාකර ප්‍රමිතියෙන් යුතු සිවුරු, වසරකට ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඒ අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන්නේ ආනයනික සිවුරු වලින් බවත් අද (17) කර්මාන්ත අමාත්‍යංශයේ පැවති සාකච්ච්ජාවකදී පැවසිණි.

ඒ අනුව එම දේශීය සිවුරු අවශ්‍යතාව සපුරාලීමට අප රට තුළදීම සිවුරු නිර්මාණය කිරීමට ඇති හැකියාව පිළිබදව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දැනුවත් කරමින් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය පිණිස පැමිණි කෝට්ටේ පාර්ශවයේ අනුනායක පුජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ ඒ පිළිබද දීර්ඝ පැහැදිලි කිරීමක් කරන ලදි.

මිට දශක ගණනාවකට පෙර මෙරට ස්වාමින් වහන්සේලාට අවශ්‍ය ප්‍රමිතියෙන්ය යුතු සිවුරු රාජ්‍ය ආයතනයක් වන ලංකා සළුසල ආයතනය විසින් නිර්මාණය කළ බවත්, පසුකාලිනව දේශීය සිවුරු නිෂ්පාදනය ඉතා අවම මට්ටමකට වැටීම නිසා තායිලන්තය වැනි රටවලින් මෙරටට සිවුරු වැඩි වශයෙන් ගෙන ආ බවත් අනුනායක හිමියෝ පැවසූහ . තවද තායිලන්තය, මියන්මාරය, ලාඕසය වැනි රටවල ස්වාමින්වහන්සේලාට ඔවුන්ගේ රට තුළ නිපදවන ඔවුන්ටම අනන්‍යවූ සිවුරු ඇති බවත් ලංකාවේ ස්වාමින් වහන්සේලාට එවැනි අනන්‍යතාවයක් නිර්මාණය කර ගැනීම කළයුතු බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ කරුණු පැහැදිලි කළේය. ඒ අනුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව දේශීය නිර්මාණකරුවන් ලවා ඉදිරියේදී සිවුරු නිපදවීමට අවශ්‍ය පසුබිම සකසාගැනීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යවරයා හමුවීමට පැමිණි බව උන් වහන්සේ වැඩි දුරටත් පැවසිය.

සියලු කරුණු පිළිබද සලකා බැලීමෙන් පසු කර්මාන්ත අමාත්‍යවරයා පැමිණි සිටි නිලධාරින් හමුවේ කියා සිටියේ හැකි ඉක්මනින් ඒ සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසය. ඒ අනුව නිසි ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය යොදා ගනිමින් සිවුරු නිෂ්පාදනයට අවශ්‍ය අධ්‍යනයන් සිදුකරන ලෙස මෙම සාකච්ජාවට පැමිණ සිටි ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇගළුම් අභ්‍යාස ආයතනයේ නිලධාරීන්ට ඇමතිවරයා උපදෙස් ලබාදෙන ලදි, ඔවුන් විසින් නිපදවන රෙදි යොදාගනිමින් ප්‍රමිතියෙන් යුතු සිවුරු නිර්මාණය කිරීම සහ ඒවා දේශීයව විකිණීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස ලංකා සළුසල ආයතනයේ සභාපතිවරයාට ඇමතිවරයා විසින් උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරචි, රෙදිපිළි හා ඇගළුම් අභ්‍යාස ආයතනයේ නිලධාරිහු , පළාත් කෘෂිකර්ම නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post Views: 11
Previous Post

මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ලට සිර වී තිදෙනෙකු ජිවිතක්ෂයට

Next Post

රිලා ඇමැතිකම භාරගන්න සුදානම් – මන්ත්‍රී ඩිලාන් කියයි

editor

editor

Next Post

රිලා ඇමැතිකම භාරගන්න සුදානම් - මන්ත්‍රී ඩිලාන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved