• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජයේ නිලධාරීන් ‍විදේශ රැකියා සඳහා යොමු කිරීම කඩිනම් කෙරේ – ජනාධිපති මාධ්‍ය අංශය

19 August 2022
in දේශීය

රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විදේශ විනිමය ඉපැයීම වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායීව විදේශ රැකියාවලට යොමු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවීම හා ඊට සම්බන්ධ ආයතන මුහුණදී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ රාජ්‍ය නිලධාරීන් අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙහිදී රාජ්‍ය නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා අංක 14/2022 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මෙන්ම තවත් කරුණු 06ක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය කිරීම මගින්, විදේශ මුදල් ප්‍රේෂණය කිරීමට අනේවාසික විදේශ මුදල් ගිණුමක් හෝ රුපියල් ගිණුමක් භාවිතා කිරීමට අවසර ලබාදීම, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුපට දායක මුදල් ලැබෙන පරිදි හා ගෙවීමට ඇති බැංකු ණය වාරික පියවීම සඳහා එම ගිණුම් සම්බන්ධ කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ඇති කිරීම කෙරහි මෙහිදී සාකච්ඡාවට බදුන් විය.

මුදල් ප්‍රේෂණය කිරීම අවම වශයෙන් මාස 03කට වරක් සිදු කිරීමට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මගින් හැකියාව තිබෙන අතර මෙරටදී මුදල් හර කිරීමට හැකිවන පරිදි රාජ්‍ය නිලධාරියාගේ නමින් ගිණුමක් විවෘත කිරීමට, හවුල් ගිණුමක් විවෘත කිරීමට හෝ මුදල් එවීම සඳහා ගිණුමක් නම් කිරීමට ද අවසර ලබා දී තිබේ.

අයදුම්කර ඇති රාජ්‍ය සේවකයින් සඳහා කඩිනමින් විදේශ රැකියා අවස්ථා සොයා ගැනීම හා අයදුම්පත් අදාළ පාර්ශව වෙත යොමු කිරීම මගින් විභවයක් පවතින විදේශ රැකියා ඛාණ්ඩ හඳුනා ගැනීම හා ඉලක්කගත කණ්ඩායම් සඳහා දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය කර ඇත.

රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් ඵලදායි ලෙස විදේශ ගත කිරීමේ වැඩසටහන යට‍තේ පුළුල් ආවරණයක් සිදු කිරීම මඟින් ඔවුන් විදේශ ශිෂ්‍යත්ව හරහා විදේශ අධ්‍යාපන අවස්ථා සඳහා යොමු කිරීමට දිරිමත් කිරීමට එම සාකච්ඡාවේ දී සැලසුම් කර තිබේ.

විදේශ රැකියා සඳහා යොමුවන රාජ්‍ය සේවකයන් වෙත විශ්‍රාම වැටුප් ගෙවීම විධිමත් කිරිමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ලබාගන්නා දත්ත, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පරිශීලනය සඳහා විවෘත කිරීමට ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

නිවාඩු ලබා ගැනීම පිළිබඳ අයදුම්පත් යොමු කිරීමේදී අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් ආයතන ප්‍රධානී වෙත උපදෙස් සහ කාල රාමුවක් ලබාදීම, නිවාඩු අනුමත කිරීම ප්‍රමාදවන අයදුම් පත්‍ර සඳහා මාර්ගගත අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීමට ද සාකච්ඡා විය.

නිවාඩු අනුමත කිරීමට පෙර නියමිත පරිදි බැංකු ණය මුදල් සහ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් ලැබෙන බවට තහවුරු කරගත හැකි ක්‍රමවේදයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් සහ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් මේ මස 31 දිනට පෙර සකස් කර ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබා දුන්නේය.

විදේශ රැකියා සඳහා අයදුම් කිරීමට හැකිවන පරිදි රාජ්‍ය නිලධාරීන්ගේ කුසලතා වර්ධනයට බහු සංවර්ධන කාර්ය සාධනය සලකා බැලීම, ඉල්ලුම පවතින ක්ෂේත්‍රවල කෙටිකාලීන අවශ්‍යතා හඳුනාගැනීම සහ එම පාඨමාලා සඳහා රාජ්‍ය නිලධාරීන් යොමු කිරීමට ද බලාපොරොත්තු වේ.

රාජ්‍ය නිලධාරින් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පිළිබඳ කලින් කලට පසු විපරම් කිරීමට මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඊ විමලවීර, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.ඒ. කුමාරසිරි, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරංසා කලුතන්ත්‍රි, මහ බංකුවේ අධ්‍යක්ෂ ආචාර්ය බී.එච්.පී.කේ. තිලකවීර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යධීකාරී ඩී.ඩී.පී. සේනානායක, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

Post Views: 27
Previous Post

INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ලාබාලතම පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභිණියට අත දෙයි

Next Post

මාතලේ ගිනි නිවිමේ ඒකකය ආරම්භ වේ

editor

editor

Next Post

මාතලේ ගිනි නිවිමේ ඒකකය ආරම්භ වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved