27 April 2024
#දේශීය

ප්‍රතිසංස්කරණය පරිවර්තනයකට මාරු වී අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට – අධ්‍යාපන ඇමැති සුසිල්

ලෝක කොවිඩ් ව්‍යසනයෙන් පසු අධ්‍යාපනයේ පරිවර්තනයකට ගමන් කළ යුතු වූ යුනෙස්කෝ සම්මුතීන්වලට අදාළ වන පරිදි 2023 වර්ෂයේ සිට මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනමින් අධ්‍යාපන පරිවර්තනයක් දක්වා පුළුල් කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පොලිමත් සරසවියේ (Polymath ) පෙරපාසල් ගුරු පුහුණුව හා සූපවේදී පාඨමාලාව අවසන් කළ ඩිප්ලෝමාධාරීන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

කොටස් හයකින් සමන්විත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියේ මුල් ම අදියර වන පරිපාලන අධ්‍යාපන වෙනස්කම් ලබන වසරේ සිට ම ආරම්භ කරන බවත් ඒ අනුව ඉදිරියේ දී දැනට තිබෙන කලාප කාර්යාල 100 – 120 දක්වා වැඩි කර ඒ යටතේ තිබෙන කොට්ඨාස 550ට අදාළ ව පාසල් මණ්ඩල(School Board) 550ක් ස්ථාපනය කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සංචාරක හා සත්කාරක සේවා කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් හා පොලිමත් සමූහයේ සභාපති උපාලි ගුණසේකර යන මහත්වරු සහභාගි වි සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *