• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ 

27 August 2018
in ව්‍යාපාර

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා තව තවත් සමීප කරලීමට සඳහා නිරන්තර සාකච්ඡා ඔස්සේ ක්‍රියාකාරී සැලසුමක් දියත් කළ යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය ඒ.එච්.එම්. මුස්තෆා කමල් (Hon. A.H.M. Mustafa Kamal) මහතා අතර පැවති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

වියට්නාමයේ හැනොයි නුවර ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව ද්විපාර්ශවික සාකච්ඡා වාරයන් ආරම්භ කරමින් අද (27) මේ හමුව පැවැත්වුණේ පෑන් පැසිෆික් හෝටලයේ දී ය.

සාකච්ඡාව ආරම්භයේ දී ම බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා මැතිනියගේ සුබ පැතුම් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමූ කමල් මහතා, බංග්ලාදේශයේ සංචාරයකට සහභාගී වන ලෙස අගමැතිනිය කළ නිල ආරාධනය ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දුන්නේ ය.

තේ, ධීවර, ඹෟෂධ හා සම් කර්මාන්තයන්හි මෙන් ම අධ්‍යාපන හා මුල්‍ය ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සහය සහ විශේෂඥ උපදෙස් බලාපොරොත්තු වන බව ද සැලසුම් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රිඩාවේ දියුණුව උදෙසා දුලිප් මෙන්ඩිස් ප්‍රධාන ලාංකේය ක්‍රීඩකයන්ගෙන් ලැබුණු සහය මෙන් ම තමා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ධූරය දරන අවදියේ ශ්‍රී ලංකාව ලබා දුන් සහයෝගය ද මුස්තෆා කමල් මහතා කෘතවේදීව සිහිපත් කළේ ය.

ඉන්දීය සාගර සමුළුවේ අනාගත කාර්ය භාරය සකස් විය යුතු ආකාරය පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අදහස් හුවමාරු කර ගැනිණි. ඉදිරි කාලය තුළ දී සියළු පාර්ශවකරුවන්ගේ එකඟත්වයෙන් ක්‍රියාකාරී සැලැසුමක් සකස් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

වියට්නාමයේ බංග්ලාදේශ තානාපතිනී සමීනා නාස් සහ බංග්ලාදේශ ජාත්‍යන්තර හා උපායමාර්ග අධ්‍යයන ආයතනයේ සභාපති මුන්ෂි ෆයිස් අහ්මඩ් මහත්ම මහත්මීහු අමාත්‍යවරයා සමග මේ සාකච්ඡාවට සහභාගී වූහ.

ව්‍යාපෘති කළමනාකරණ, යෞවන කටයුතු හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, සහකාර ලේකම් රුවන් ගුණවර්ධන, අග්‍රමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු නිලධාරීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට එක්වූහ.

Post Views: 7
Previous Post

හැමදේම දේශපාලන කෝණ්වලින් බලන්න එපා – ඇමැති රාජිත 

Next Post

ඕෂන් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018  සඳහා අදම අයදුම් කරන්න

editor

editor

Next Post

ඕෂන් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018  සඳහා අදම අයදුම් කරන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved