ඉශ්‍රායල ප්‍රහාර හේතුවෙන් වසර තුනකට ආසන්න කාලයක් සුන්බුන් යත සිරවී තිබූ පලස්තීනුවන් 112 දෙනෙකුගේ මළසිරුරු ගාසා නගරයේදී මහා පරිමාණයෙන් මිහිදන් කර තිබේ.
2023 නොවැම්බර් මාසයේදී ගාසා හි සබ්‍රා (Sabra) ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අබු ෂරියා (Abu Sharia) සහ අල්-හසායිනා (al-Hasayna) පවුල්වල සාමාජිකයින් 308 දෙනෙකු මියගිය අතර, ඉන් පුද්ගලයන් 112 දෙනෙකුගේ අවශේෂ මෙලෙස සොයාගෙන ඇත.
පලස්තීන ධජවලින් ආවරණය කරන ලද මිනී පෙට්ටි රැගත් දහස් සංඛ්‍යාත පිරිසක් මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වූහ. මෙය ගාසා යුද්ධය ආරම්භ වූ පසු සිදුකළ විශාලතම සමූහ අවමංගල්‍යයක් ලෙස පලස්තීන සිවිල් ආරක්ෂක අංශ සඳහන් කරයි.
තවමත් පුද්ගලයන් 157 දෙනෙකු පමණ අතුරුදහන්ව සිටින බවත්, බර උපකරණ නොමැතිකම නිසා සුන්බුන් අතරින් සිරුරු ගොඩගැනීම දැඩි දුෂ්කර වී ඇති බවත් වාර්තා වේ.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්














