27 April 2024
#දේශීය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වාර්තාව අගමැතිට භාර දෙයි

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (15) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා භාර දෙන ලදී.

කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය.

විසි වෙනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනාගත් අලුතින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සාමාජිකයන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට අග්‍රාමාත්‍යවරයා මෙම කමිටුව පසුගිය දා පත් කර තිබිණි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *