• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාස්කු දින බෝම්බ ප්‍රහාර‍යේ පරීක්ෂණ ගැන සාකච්ඡා කිරීමට ශුද්ධාසනයේ නියෝජිතවරයා විදේශ ඇමැති හමුවෙයි

1 September 2021
in දේශීය

ශ්‍රී ලංකාව සඳහා ශුද්ධාසනයේ නියෝජිත (වතිකානු තානාපති) ගරු බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමා ඊයේ (31) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු විය.

සිදු වූ ව්‍යසනකාරී හා බිහිසුණු ඛේදවාචකය සහ කතෝලික පල්ලිය විසින් විඳින ලද දැඩි වේදනාවන් සහ පීඩා පිළිබඳව  සිය බලවත් කණගාටුව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, කතෝලික පල්ලියේ හැඟීම් පිළිබඳව හෙතෙම අවබෝධ කරගෙන සිටින බවත්, වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒම සඳහා යුක්තියේ අවශ්‍යතාවය පිළිබඳවත් සඳහන් කළේය.

දැනට සිදු කෙරෙන පරීක්ෂණයේ සංවේදී ස්වභාවය පිළිබඳව සඳහන් කරමින්, ගැටලු විසඳා ගැනීමට පහසුකම් සැලසීමේ අදහසින් යුතුව අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සහ කතෝලික රදගුරු සම්මේලනය සමඟ හැකි ඉක්මනින් දැනුවත් සාකච්ඡාවක් පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව අමාත්‍යවරයා අවධාරණය කළේය.

කතෝලික පල්ලියේ අවංක චේතනාව හා දරාගත නොහැකි වේදනාව සහ එහි නිර්මල අභිප්‍රායයන් පිළිබඳව රජය හොඳින් අවබෝධ කරගෙන සිටින බව අමාත්‍යවරයා පැවසීය.

ලබන සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ ඉදිරි සැසිවාරය සහ 2021 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පිළිබඳව ඉස්මතු කරමින්, කතෝලික පල්ලියේ අව්‍යාජ චේතනාවන්ට පටහැනි ලෙස තම අවශ්‍යතා සඳහා තත්වය උපයෝගී කර ගැනීමට උත්සාහ දරන සමහර කණ්ඩායම් කෙරෙහි අමාත්‍යවරයා අවධානය යොමු කළේය.

කතෝලික පල්ලියේ පිරිසිදු චේතනාවන් දේශීය හෝ ජාත්‍යන්තර වශයෙන් පැහැර නොගැනීම සඳහා සෑම ප්‍රයත්නයක්ම දැරිය යුතු බව අමාත්‍යවරයා පැවසීය.

සුළුතරයක් වුවද, ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය සහ කතෝලිකයන් අවධානයට ලක්වීම පිළිබඳව සිය අවංක ස්තූතිය පළ කරන අතරම, මේ හා සමාන පිළිගැනීමක් වෙනත් රටවල දී කතෝලිකයින්ට ලබා දෙනු තමා දුටුවේ නැති බව පාප් වහන්සේගේ නියෝජිතතුමා සඳහන් කළහ.

පල්ලියේ නියෝජිතයින් සමඟ රජයට අදාළ ගැටලු සාකච්ඡා කළ හැකි වන පරිදි, රදගුරු සම්මන්ත්‍රණ කමිටුව සමඟ ඉක්මනින් රැස්වීමක් සංවිධානය කිරීම සඳහා ශුද්ධාසනයේ නියෝජිතතුමා යෝජනා කළේය.

මෙම අවස්ථාව අගය කරන බව පැවසූ අමාත්‍යවරයා, පල්ලිය සමඟ කෙරෙන සාකච්ඡාවේ දී උපරිම තොරතුරු ලබා දීම සඳහා රජය නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවලින් සියළුම තොරතුරු රැස් කරන බව පැවසීය.
 

Post Views: 8
Previous Post

ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට රැස්වේ

Next Post

සෑම රෝහලකම ඔක්සිජන් අවශ්‍යතාතාව සම්බන්ධයෙන් දෛනික නිරීක්ෂණයක්

editor

editor

Next Post

සෑම රෝහලකම ඔක්සිජන් අවශ්‍යතාතාව සම්බන්ධයෙන් දෛනික නිරීක්ෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved