• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උපාධිධාරීන් රජයේ රැකියා සඳහා බඳවා ගැනෙන වයස් සීමාව 45 කරන්නැයි ඉල්ලීමක් !

8 February 2020
in දේශීය

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන 2020’’ යටතේ උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් 50 000 ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති නමුත් එහි උපරිම වයස් සීමාව අවුරුදු 45 කරන ලෙස උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් මේ ඉල්ලීම සිදුකරන අතර ගෙන ඇති තීන්දුව සම්බන්ධව සිය ස්තූතිය පුදකරන බවත් එහි සදහන් කර තිබේ.

 එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් කර තිබේ.

විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා පිටවන සෑම උපාධිධාරියෙකුටම අධ්‍යාපන සුදුසුකමට සරිලන සුදුසු රැකියාවක් දිනා ගැනීම වෙනුවෙන් අපි අරගල කරන්නෙමු. රැකියාවිරහිත භාවයේ සිටින සුදුසුකම් සැපිරූ සැම රැකියාගත කිරීම රජයේ වගකීමක් වන අතර එවැනි ක‍්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව අගය කරමු.

මෙම නව බඳවාගැනීමට අදාළව නිකකුත් කර ඇති ඇතැම් කොන්දේසි ගැටළුකාරී වන අතර ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය කඩිනමින් යොමු කර විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.

02. මීට සති කීපයකට පෙර ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන ඩලස් අලහප්පෙරුම මැතිතුමා මාධ්‍ය මගින් උපාධිධාරීන් බඳවා ගැනීමේ දී අවුරුදු 45 දක්වා උපාධිධාරීන් බඳවාගන්නා බව ප‍්‍රකාශ කරන ලදි.

නමුත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව හා 2020.02.06 හා 07 දින පළවූ දැන්වීම් වලට අනුව බඳවාගැනීමේ උපරිම වයස් සීමාව 35 දක්වා සීමා කර ඇත.
 
2015-2019 වර්ෂවල රැකියා විරහිත උපාධිධාරීන් විධිමත් බඳවාගැනීමක් සිදු නොකළ අතර එම වසර 05 තුළ අවු.35 ඉක්ම වූ උපාධිධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුවීම වැළැක්විය නොහැක. එමෙන් ම එම අසාධාරණයට ලක් වන පිරිසට යළි කිසි දිනෙක රජයේ සේවයේ රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව ද අහිමි වේ.

03. 2020 බඳවා ගැනීමේ පවතින අනෙක් කොන්දේසි අතර 2017-2020 දක්වා කිසිඳු රැකියාවක් නොකළ උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ඉල්ලූම් කළ යුතු යැයි ද සඳහන් කර ඇත. එම කොන්දේසිය ද අසාධාරණ වන අතර 2014 සිට උපාධිධාරී රැකියාවක් හිමි නොවූ පිරිසක් ද වෙති. අපේ රටේ රැකියාවක් ලැබීමේ අස්ථාවරත්වය මත කිසිම කෙනෙකුට තම සුදුසුකමට නිසි මොහොතේ රැකියාවක් ලැබෙනු ඇතැයි සහතිකයක් නැත. ඒ යටතේ මෙම කොන්දේසිය ද අසාධාරණ බව දන්වමු.

04. නව බඳවාගැනීම් යටතේ ඇතුළත් කරගනු ලබන උපාධිධාරීන් දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් බඳවාගෙන වසර 05ක් අනිවාර්යයෙන් එම සේවා ස්ථානවල රැකියා කිරීම කොන්දේසියක් වේ. දැනට 2005-2016 දක්වා බඳවාගෙන ඇති උපාධිධාරීන් අතර සේවා කාලය වසර 15 ඉක්ම වුවත් කොළඹ සිට සිය පදිංචියට අදාළ සේවා ස්ථානයකට ස්ථානමාරුවීම් ලබාගත නොහැකිව ඇත. ඉහත කොන්දේසිය අනුව දැනට රාජ්‍ය සේවයේ කොළඹ ආශ‍්‍රිත සේවා ස්ථානවල සිටින අවශ්‍යතාවය සහිත උපාධිධාරීන් සඳහා ස්ථානමාරුවීමක් ලබා ගැනීම තව වසර ගණනාවකින් කල් යනු ඇත. මෙවැනි කරුණු කළමණාකරණයකින් පසු විසඳිය යුතු බව පෙන්වා දෙමු.
 
05. නව බඳවාගැනීම් යටතේ බඳවාගන්නා උපාධිධාරීන් ආගමන විගමන දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව ඇතුළු ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවෙත බඳවා ගන්නා බවත්, ඉහත කොන්දේසි අනුව වසර 05 ක් එහි සේවය කළ යුතුයි යන්න අනුව දැනට සේවයේ සිටින ස්ථීර උපාධිධාරීන්ට එම සේවා ස්ථානවල සේවය කිරීමේ අවස්ථාව අහිමි වනු ඇත.

06. 2020 නව බඳවාගැනීම් ක‍්‍රියාත්මක කරනුයේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ය. උපාධිධාරීන් බඳවා ගැනීමේ ව්‍යවස්ථාමය වගකීම පැවරී ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයටය. එය නොසලකා 2018/2019 ජාතික ප‍්‍රත්පත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් වසරක පුහුණුවකට ඇතුළත් කරගත් උපාධිධාරීන් ස්ථීර කිරීමේ දී පරිපාලන දෝශ රැසක් නිර්මාණය වී ඇති බවද පෙන්වා දෙමු.

ගරු ජනාධිපති තුමනි,
මේ දක්වා උපාධිධාරීන් බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව අවු.45 දක්වා සලකා බැලූ අතර 2020 නව බඳවාගැනීමේ දී ද උපරිම වයස් සීමාව 45 දක්වා සලකා බලන ලෙසත්, රැකියා නොමැතිකම නිසා සා/පෙළ, උ/පෙළ අධ්‍යාපන සුදුසුකම් යටතේ කුමන හෝ රැකියාවක් කිරීමේ පදනම මත උපාධියට රැකියාවක් ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි නොකරන ලෙසත් ඉහතින් දක්වා ඇති අංක 04, 05, 06 කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඉල්ලන අතර මෙම ගැටළු වලට කඩිනමින් විසඳුමක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
 
ඉහත කොන්දේසි ක‍්‍රියාත්මක වී යම් පිරිසකට අසාධාරණයක් සිදු වන්නේ නම් එම පිරිසේ අයිතිය වෙනුවෙන් අඛණ්ඩව ක‍්‍රියාකරන බවද වැඩි දුරටත් දන්වා සිටිමු.

Post Views: 11
Previous Post

කථානායක ධුරයට සමුදෙන්න ලැස්තියි …. – කථානායක කරු

Next Post

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගැනීම ගැන කරුණු දක්වන්න : නීතිපති පොලිස්පතිට දන්වයි !

editor

editor

Next Post

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගැනීම ගැන කරුණු දක්වන්න : නීතිපති පොලිස්පතිට දන්වයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved