27 April 2024
#දේශීය

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගැනීම ගැන කරුණු දක්වන්න : නීතිපති පොලිස්පතිට දන්වයි !

තම උපදෙස් පරිදි කටයුතු නොකිරීම සම්බන්ධව කරුණු දක්වන ලෙස නීතිපති දප්පුල ලිවේරා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලිඛිතව දන්වා ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට නීතිපතිවරයා මේ කරුණු විමසීම සිදුකර ඇත්තේ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන්  නෛතික ක්‍රියාමාර්ග නොගැනීම ගැනය.

එසේම එම ලිපියේදී මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තුවක් ගන්නා ලෙස නීතිපතිවරයා දුන් උපදෙස් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පෙබරවාරි 10 දිනට පෙර හේතු දක්වන ලෙස අවධාරණය කර ඇති බවත් දැනගන්නට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඈ) අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු 12 (1) අනු ව්‍යවස්ථාව ප්‍රකාරව නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සියලු සැකකරුවන් සම්බන්ධයෙන් සාධාරණ විය යුත්තේය යන පදනම මත කටයුතු කිරීමට සියලු පාලන ආයතන බැදී සිටින බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිට යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *