27 April 2024
#දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ කරුණු වලට සාධනීය ප්‍රතිචාර දැක්වූවා – සෞඛ්‍ය අමාත්‍ය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ කරුණු පිළිබදව අධ්‍යයනය යොමු කරමින් ඉතාම සාධනීය ලෙස අඩියක් ඉදිරියට තබා ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දීය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෘත්තීය සමිතියක් ලෙස කරුණු කිහිපයක් ඉදිරිපත් කළ බවත්, එම කරුණු පිළිබද සාකච්ඡා කර ප්‍රතිචාර දැක් වූ අතර බිහිරි අලියන් මෙන් ඒ තුල නොසිටි බවද අමාත්‍යවරයා පැවැසිය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළමු කරුණ ලෙස පෙන්වා දුන්නේ පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ට වාර්ෂික ස්ථාන මාරු පිළිබදව බවත් අදාල පාර්ශ්වයන් සියල්ල සමග තමාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහූත් විටින් විට සාකච්ඡා පවත්වා තීන්දුවක් ගත යූතු බවට තීරණය කළ බව ද පැවැසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයට තීන්දු නොගෙන ඉන්න නොහැකි බවත්, ගන්නා තීන්දු ඉතාම සාධාරණ ලෙස සියළු පාර්ශ්ව සමග සාකච්ඡා කර ගන්නා තීන්දු විය යුතු බව ද හෙතෙම පැවැසිය. අඩුපාඩු ඉදිරිපත් කළ පසු නැවැත සළකා බලා සියළුම කණ්ඩායම් එක් කොට සාකච්ඡා කිරිමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා පැවැසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *