27 April 2024
#දේශීය

උත්සව කාලයේදී සංචරණ සිමා කරන්න

නත්තල් උත්සව සමය සමග සංචරණය සිමා කිරීමට පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එම කාලය තුලදී කොළඹ නගර සීමාව තුළ කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම වේගවත් කිරීමට සඳහා අද (07) සිට PCR පරික්ෂණ වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඉදිරියේදී උත්සව සමයත් සමඟ අපිට සංචරණය තවත් අවම කිරීම සඳහා සිදු කරන්න සිදුව ඇති බව හෙතෙම පැවසිය. එසේම ඒක නීතියට වඩා පුද්ගලයින් වශයෙන් සිදු කල යුතුවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය කොළඹ නගර සභාවේ නායකත්වයෙන් මේ ප්‍රදේශව PCR පරීක්ෂාව සහ ඇන්ටිජන් රැපිඩ් ටෙස්ට් කිරීමේ ක්‍රියාවලිය තවත් වැඩි කරලා උපරිම පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකරමින් හැකි පමණ රෝගීන් හොයා ගනිමින් හැකි ඉක්මණින් යම් ආකාරයක සමනයකර ගැනීමක් සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණයක් අරගෙන තිබෙන බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *