සමාජ මාධ්‍ය සමාගම්වල ව්‍යාපාරික කටයුතු පාලනය කිරීම සඳහා වැඩි රජයේ නියාමනයක් සහ අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය වැළැක්වීම සඳහා වයස් සත්‍යාපන මෙවලම් (age-verification tools) අනිවාර්ය කිරීමට අමෙරිකානුවන්ගෙන් ද්විපාර්ශ්වික බහුතරයකගේ දැඩි සහයෝගයක් හිමි වී ඇති බව නවතම රොයිටර්/ඉප්සෝස් (Reuters/Ipsos) මත විමසුමකින් අනාවරණය වී තිබේ.
මෙටා (Meta) සහ ගූගල් (Google) වැනි සමාගම් තරුණ පරිශීලකයින් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් බරපතළ නීතිමය පීඩනයකට මුහුණ දී සිටින පසුබිමක් තුළ මෙම මත විමසුම සිදු කර ඇත. ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් 71%ක් සහ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් 62%ක් ඇතුළුව, සමස්ත ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 61%ක් ප්‍රකාශ කර ඇත්තේ සමාජ මාධ්‍ය සමාගම් සඳහා දැඩි අධීක්ෂණයක් අවශ්‍ය බවයි. එෙන්ම, අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වෙත පිවිසීම වැළැක්වීමේ වයස් සත්‍යාපන නීති සඳහා 66%ක සහයෝගයක් ලැබී ඇති අතර, සමාජ මාධ්‍ය දරුවන්ට ඇබ්බැහි වන්නක් බව 85%ක් විශ්වාස කරන බව මෙම සමීක්ෂණයෙන් හෙළි කර ඇත.














