ඇමරිකානු වැසියන් මිලියන ගණනකගේ විදුලි බිල්පත්වල පිරිවැය ඉහළ නැංවීමට හේතු වී ඇති නව ප්‍රතිපත්තියක් පිළිබඳව රොයිටර් පුවත් සේවය (Reuters) අනාවරණය කර තිබේ. ඒ අනුව, විදුලි ජනන මධ්‍යස්ථාන හෝ සම්ප්‍රේෂණ පද්ධති ඉදි කර අවසන් කර ජනතාවට ප්‍රතිලාභ ලැබීමටත් පෙර, එම ව්‍යාපෘති සඳහා වැයවන මුදල් පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට විදුලි සමාගම්වලට අවසර ලැබී ඇත. ඇමරිකාවේ පැරණි විදුලි පද්ධතිය නවීකරණය කිරීමේ කඩිනම් අවශ්‍යතාව මත ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ඒ හරහා අනාගතයේදී පිරිවැය අඩු වන බවට පොරොන්දු ලබා දී තිබේ.
කෙසේ වෙතත්, පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන සහ ව්‍යාපාරික ආයතන පෙන්වා දෙන්නේ මෙලෙස කල්තියා මුදල් අය කිරීම හරහා ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්වන බවයි. විශේෂයෙන්ම ජෝර්ජියා ප්‍රාන්තයේ ‘Vogtle’ න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘතියේදී සිදු වූ අධික පිරිවැය ඉහළ යාම් සහ ප්‍රමාදයන් මෙවැනි ප්‍රතිපත්තිවල ඇති අවදානම මනාව පෙන්නුම් කරන බව විචාරකයෝ පවසති. මෙමගින් ව්‍යාපෘතිවල මූල්‍ය අවදානම සමාගම් වෙනුවට පාරිභෝගිකයන් මත පැටවෙන බවට චෝදනා එල්ල වන අතර, පොරොන්දු වූ සහන දශක ගණනාවකට පසු ලැබෙනු ඇතැයි පැවසීම ජනතාව නොමග යැවීමක් බවට ද විවේචන එල්ල වී ඇත.














