ශ්‍රී ලංකාවේ තාක්ෂණික අධ්‍යාපනය සහ තරුණ රැකියා නියුක්තිය ඉහළ නැංවීමේ අරමුණින් රයිනෝ රූෆින් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් (Rhino Roofing Products Limited) ආයතනය ‘රයිනෝ ඇකඩමිය’ ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. රයිනෝ සමාගමේ අභාවප්‍රාප්ත සභාපති දේශමාන්‍ය ඒ. වයි. එස්. ඥානම් මහතාගේ ජන්ම සංවත්සරයට සමගාමීව මෙම ඇකඩමිය විවෘත කිරීම සුවිශේෂී වේ. කාර්මික ක්ෂේත්‍රයේ වෘත්තීය ගරුත්වය ඇති කිරීම සහ නිසි පුහුණුවක් සහිත තාක්ෂණික වෘත්තිකයන් පිරිසක් බිහි කිරීම මෙහි මූලික අරමුණයි.
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක වන මෙම ඇකඩමිය හරහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික පිරිනැමීමට කටයුතු යොදා ඇත. එමගින් සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සැලසේ. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු සමඟ සමගාමීව ගුණාත්මක අධ්‍යාපනයක් සහ ගෞරවාන්විත රැකියා අවස්ථා නිර්මාණය කිරීම වෙනුවෙන් රයිනෝ ඇකඩමිය කැපවී සිටියි. මෙම මැයි මාසයේදී එහි ප්‍රථම සිසුන් කණ්ඩායම සිය පුහුණු කටයුතු ආරම්භ කිරීමට නියමිතය.















