ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සිය සේවාදායකයින්ට විශ්වසනීය සහ වෘත්තීය කොටස් වෙළඳපළ තැරැව්කාර සේවාවන් අඛණ්ඩව ලබා දීම සඳහාත්, ව්‍යාපාරයේ ඉදිරි වර්ධනයට රුකුලක් වීම සඳහාත්, **රිචඩ් පීරිස් සෙකියුරිටීස් (පුද්ගලික) සමාගම** සිය නායකත්වය සවිබල ගැන්වීමට කටයුතු කර ඇත.
කොටස් වෙළඳපල සහ ආයෝජන සේවා ක්ෂේත්‍රයේ පුළුල් අත්දැකීම් සහිත නව ප්‍රධාන විධායක නිලධාරියෙකු ඇතුළු පළපුරුදු වෘත්තිකයන් පිරිසක් සමාගමේ ප්‍රධාන කළමනාකරණ තනතුරු සඳහා පත් කර ඇති අතර, මෙම නව පත්වීම් සමඟින් කොළඹ කොටස් වෙළඳපල (CSE) විසින් රිචඩ් පීරිස් සෙකියුරිටීස් සමාගම සඳහා කොටස් වෙළඳපළ කටයුතු අත්හිටුවීමට නිකුත් කිරීමට සිටි නියෝගය අවලංගු කර ඇත. ඒ අනුව නැවතත් සමාගමට සිය කොටස් වෙළඳපල මෙහෙයුම් ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබේ.
කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 17,000 කගෙන් සමන්විත රිචඩ් පීරිස් සමූහයේ (ආර්පිකෝ) අනුග්‍රහය සහ නව නායකත්වයේ පළපුරුද්ද සමඟින්, පරිපාලනය හා නියාමන අනුකූලතාවයේ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගනිමින් සේවාදායකයින්ට විශිෂ්ට සහ විශ්වසනීය සේවාවක් ලබා දීමට කැපවන බව සමාගමේ කළමනාකාරිත්වය ප්‍රකාශ කරයි.
















