• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රිදී විහාරය

සත්කෝරළයට දහම් සිසිල බෙදන ආගමික සහජීවනයේ කේන්ද්‍රස්ථානය

20 April 2026
in දේශීය, පුවත්
රිදී විහාරය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම පිහිටි ඓතිහාසික රිදී විහාරය, දුටුගැමුණු රජ සමයේ රුවන්වැලි මහා සෑය නිම කිරීමට අවශ්‍ය රිදී නිධානය පහළ වූ පින්බිම ලෙස ශාසන ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත. වර්තමානයේ මෙම විහාරස්ථානය ආගමික වතාවත්වලට පමණක් සීමා නොවී, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමියන්ගේ මඟපෙන්වීම යටතේ සුවිශාල සමාජ මෙහෙවරක නිරත වෙයි.
රිදී විහාරයේ වැඩ සිටින ‘රන් බුද්ධ ප්‍රතිමා වහන්සේ’ දක්ෂිණ භාරතයේ මධුරාපුරයෙන් වැඩමවා ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. මෙම විහාරස්ථානය තුළ බෞද්ධ සහ හින්දු කලා ශිල්පවලට අමතරව, ඕලන්ද ආණ්ඩුකාරවරයෙකු පූජා කළ ක්‍රිස්තු චරිතය දැක්වෙන පිඟන් ගඩොල් ද දැකගත හැකිය. මෙය රිදී විහාරය තුළ පවතින විවෘත ආගමික සහජීවනයට කදිම නිදසුනකි. මහනුවර පෙරහැරෙන් පසුව වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් සහභාගී වන පෙරහැරක් ලෙස රිදී විහාර පෙරහැර ප්‍රකටය.
‘රිදී සෙත’ අරමුදල හරහා විහාරස්ථානය මගින් වාර්ෂිකව පාසල් දරුවන්ට උපකරණ බෙදාදීම, නිවාස අහිමි පවුල්වලට ඉඩම් සහ නව නිවාස ලබාදීම වැනි පුළුල් සුබසාධන කටයුතු රැසක් සිදු කෙරේ. දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ පවුල්වලට ඉඩම් අක්කර 5ක් බෙදා දීම හා රිදීගම රෝහලේ භික්ෂු වාට්ටුව නඩත්තු කිරීම ඒ අතර විශේෂ වේ. මෙම සේවාවන් ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනා වෙනුවෙන් විවෘතව පවතී.
විදේශීය සංචාරකයන් සඳහා ‘බෞද්ධ සංචරණය’ ව්‍යාපෘතිය යටතේ නොමිලේ නවාතැන් හා ආහාරපාන පහසුකම් සපයනු ලැබේ. භාවනා කිරීමට කැමති විදේශිකයන් වෙනුවෙන් විහාර භූමියේ ඇති ගල් ලෙන් 64ක් නවීකරණය කර ඇති අතර, ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් මෙහෙයවීමට ද පහසුකම් සලසා ඇත. රිදී විහාර භාරකාර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමියන්ගේ 50 වැනි ජන්ම දිනය පසුගිය අප්‍රේල් 18 වැනිදාට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් විහාරස්ථ දායක සභාව විවිධ පින්කම් සංවිධානය කර තිබිණි.
Post Views: 2
Previous Post

අලුත් අවුරුදු සමයේ මාරක රිය අනතුරුවල කැපී පෙනෙන වැඩිවීමක්

Next Post

ඉන්දීය උප ජනාධිපති සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දීය උප ජනාධිපති සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක්

ඉන්දීය උප ජනාධිපති සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රබල භූමිකම්පාවෙන් පසු  පළමු සුනාමි රළ ජපාන වෙරළට ළඟා වෙයි

ප්‍රබල භූමිකම්පාවෙන් පසු පළමු සුනාමි රළ ජපාන වෙරළට ළඟා වෙයි

20 April 2026
ඇමෙරිකාව සමඟ  යළි සාකච්ඡාවලට එක් නොවන බව  ඉරානය පවසයි

ඇමෙරිකාව සමඟ යළි සාකච්ඡාවලට එක් නොවන බව ඉරානය පවසයි

20 April 2026
ඇමෙරිකා, පිලිපීන සහ  ජපාන ඒකාබද්ධ යුද අභ්‍යාස  කලාපීය විශ්වාසයට තර්ජනයක්

ඇමෙරිකා, පිලිපීන සහ ජපාන ඒකාබද්ධ යුද අභ්‍යාස කලාපීය විශ්වාසයට තර්ජනයක්

20 April 2026
ආලෝක ගැන රටම කතා කරද්දී  කළාවැවේ වූ ඛේදවාචකය

ආලෝක ගැන රටම කතා කරද්දී කළාවැවේ වූ ඛේදවාචකය

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල භූමිකම්පාවෙන් පසු  පළමු සුනාමි රළ ජපාන වෙරළට ළඟා වෙයි

ප්‍රබල භූමිකම්පාවෙන් පසු පළමු සුනාමි රළ ජපාන වෙරළට ළඟා වෙයි

20 April 2026
ඇමෙරිකාව සමඟ  යළි සාකච්ඡාවලට එක් නොවන බව  ඉරානය පවසයි

ඇමෙරිකාව සමඟ යළි සාකච්ඡාවලට එක් නොවන බව ඉරානය පවසයි

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved