• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

  උතුර සංවර්ධනයට ජාත්‍යන්තරයට ඇමැති රිෂාඩ්ගෙන් ආරාධනා

12 August 2018
in සංවර්ධන

 

යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පිහිටුවා ඇති කර්මාන්ත කලාපයේ ආයෝජනය කිරීමට මැලේසියාව ,තායිවානය ,චීනය ,ඉන්දියාව ,ඇතුලු ජාත්‍යන්තරයේ ප්‍රමුඛ පෙලේ ආයෝජකයින්ට තමා ආරාධනා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාත්‍යන්තර ප්ලාස්ටික් නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය“වසර තිහක් පුරා යුද්ධයෙන් දරුණු ලෙස බැට කෑ උතුරේ ජනතාවට ,ඔවුන්ගේ ආර්ථිකයට මේ අච්චුවේලි කර්මාන්ත කලාපය ලොකු ශක්තියක් .කොහු කර්මාන්තය ,ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය ආදී ලුහු කර්මාන්ත මූලික ඉලක්කය කරගත් මෙම කර්මාන්ත කලාපය තවදුරටත් පුලුල් කරමින් එහි දෙවන අදියර සදහා අක්කර පහලොවක (15) භූමියක් වෙන්කරලයි තියෙන්නේ මෙහි කටයුතු වෙනුවෙන් මාගේ අමාත්‍යාංශයේ මැදිහත් වීම මත රුපියල් මිලියන සියයක් වෙන් කරලයි තියෙන්නේ. මේ දෙවන අදියරෙන් උතුරේ තරුණ තරුණියන්යට සෘජු රැකියා අවස්තාවන් පන්සියයක් (500) පමණ අවස්ථාවක් තියෙනවා.මීට අමතරව වක්‍ර රැකියා බොහෝමයකුත් ඇතිවෙනවා.මේ නිසා උතුරේ සංවර්ධනය වේගවත් කරන්න අපට පුලුවන් වේවි.අද මෙම ස්ථානයේ තම නිෂ්පාදන ප්‍රදර්ශනය කරන ජාත්‍යන්තර ආයෝජකයින්ට හා මෙරට ආයෝජකයින්ට මම ආරාධනා කරනවා අච්චුවේලි කර්මාන්ත කලාපයේ ආයෝජනය කරල තම කර්මාන්ත ශාලා ඇතිකරන්න කියලා. ඒ තුලින් උතුරේ ජන ජීවිතය ඉහල තැනකට ගේන්න රජයක් විදියට අපට උදව් කරන්න කියල මම ඉල්ලා සිටිනවා. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

ජාත්‍යන්තර ප්ලාස්ටික් නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනය විවෘතකිරීමේ මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පිහිට් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ ප්‍රධානී නේහා සින් , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති මහින්ද ජිනසේන මහතා , ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ උප සභාපති කව්ෂාල් රාජපක්ෂ මහතා ඇතුලු සම්භාවනීය පිරිසක් සහභාගී විය.

මෙම ප්‍රදර්ශනය සඳහා මෙරට නිශ්පාදකයින්ගේ ප්‍රදර්ශන කුටි තිස් අටක්(38) ,ඉන්දියානු නිශ්පාදකයින්ගේ ප්‍රදර්ශන කුටි හතලිස් පහක්(45) ,චීන නිශ්පාදකයින්ගේ ප්‍රදර්ශන කුටි තිස් පහක් ඇතුලත් වුනු අතර කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් පස්වෙනි වරට මෙය සංවිධානය කර තිබුනි

 

Post Views: 12
Previous Post

බෙහෙත්වල මිල අඩු කළේ නැතිනම් වැඩ වරදි – ඇමැති රාජිත

Next Post

වර්ජනය පිටුපස දේශපාලන බලවේගයක් – ඇමැති මහින්ද

editor

editor

Next Post

වර්ජනය පිටුපස දේශපාලන බලවේගයක් - ඇමැති මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved