27 April 2024
#දේශීය

බෙහෙත්වල මිල අඩු කළේ නැතිනම් වැඩ වරදි – ඇමැති රාජිත

පිළිකා ඖෂධ ඇතුලු ඖෂධ වර්ග 25 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙලට ඖෂධ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය එකග නොවුනත්, ඉදිරියේ දී එම ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විමධ්‍යගත ප්‍රතිපාදන වන රුපියල් ලක්ෂයක මුදලක් වැය කරමින් හොරණ ප්‍රදේශයේ සමිති 04 ක් සදහා පුටු කට්ටල පරිත්‍යාග කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) දින හොරණ හිටපු නගරාධිපති සෝමසිරි ගමගේ මහතාගේ නිවසේ දී සිදු කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා “ඖෂධ 25 ක මිල අඩු කිරිම පිළිබදව මම පසුගිය සතියේ ඖෂධ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය සමග සාකච්ඡා කළා. ඔවුන් එකග නැහැ. මේ වනවිට ඖෂධ සමාගම් ඔසුසල් හිමියන්ට ගෙවන කොමිස් මුදලත් අඩු කර තිබෙනවා. ඖෂධ මිල අඩු කිරීමට එරෙහිව එම සංගමය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර තියෙනවා. මම බය නැහැ. සියලුම ඖෂධ මිල පාලනය කර ජනතාව වෙනුවෙන් සහන ලබාදෙනවා. රජයේ රෝහල් සදහා තමයි පිළිකා ඖෂධ වැඩි වශයෙන් මිලදී ගන්නේ. පිළිකා ඖෂධ මිල අඩු කිරිම තුලින් රජය මිලදී ගන්නා පිළිකා ඖෂධ වලින් පමණක් රුපියල් බිලියන 7.7 ක මුදලක් ඉතිරි වෙනවා.එය ඉතාම වැදගත්.” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *