ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් SLT-MOBITEL විසින් සංවිධානය කරනු ලබන ‘Road to LPL’ මාර්ග සංදර්ශනය ඊයේ කොළඹ ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානය වෙත ළඟා විය. ක්‍රීඩා ලෝලීන්ට LPL තරගාවලියේ උණුසුම සජීවීව අත්විඳීමට අවස්ථාව සලසා දෙමින්, LPL නිල කුසලානය මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.
ඉකුත් ජූලි 10 වැනිදා ගාල්ලෙන් ගමන් ආරම්භ කළ මෙම ‘Road to LPL’ නිල රථය, තරගාවලිය සඳහා කණ්ඩායම් නියෝජනය වන ගාල්ල, කොළඹ, මහනුවර, දඹුල්ල සහ යාපනය ඇතුළු රට පුරා ප්‍රධාන නගර රැසක් ආවරණය කරමින් ගමන් කිරීමට නියමිතය. මෙම සංදර්ශනයට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට LPL කැන්වසය මත අත්සන් තැබීමට, තරගාවලියට එක්වන කණ්ඩායම් නායකයින් හමුවීමට මෙන්ම Spin the Wheel, VR Cricket Challenge සහ Gully Cricket වැනි විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසකට එක්වීමටද අවස්ථාව හිමිවේ.
ලබන 17 වැනිදා පැවැත්වෙන ඩ්‍රෝන සංදර්ශනයකින් අනතුරුව මෙවර LPL තරගාවලිය නිල වශයෙන් ආරම්භ වන අතර, එය අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරගාවලියේ සියලු තරග සජීවීව, True HD තාක්ෂණයෙන් යුතුව SLT-MOBITEL PEOTV සහ PEO MOBILE හරහා නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදා කර දී ඇත.
















