ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප පක්ෂ අරමුදලට ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් මේ වන විට ආණ්ඩුවෙන් ඉවත් වීමට (පැනීමට) බලාපොරොත්තුවෙන් පසුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, වත්මන් ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරුන් ප්‍රවාහන පහසුකම් පවා නොමැතිව බස් රථවල ගමන් කරන බවත්, ඔවුන් සියලු දෙනාට මාසෙකට රුපියල් ලක්ෂයක මුදලක් පමණක් ලබා දී පක්ෂය විසින් ඔවුන්ව පාලනය කිරීමට (ෂේප් කිරීමට) උත්සාහ කරන බවත්ය.
එමෙන්ම, මෙලෙස මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත්ව යාම වැළැක්වීම සඳහා, යම් හෙයකින් පක්ෂය මාරු කළහොත් මන්ත්‍රී ධුරය අහෝසි වන ආකාරයේ දැඩි සංශෝධන සහිත නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද රජය සූදානම් වෙමින් සිටින බව රෝහණ බණ්ඩාර මහතා වැඩිදුරටත් චෝදනා කළේය.
















