• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවට ලැබෙන GSP ප්ලස් තීරුබදු සහනය දීර්ඝ කිරීමට රුමේනියානු සහාය

26 June 2023
in දේශීය

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා GSP ප්ලස් තීරුබදු සහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සිදුකරන ඉල්ලීමට තම රට සහාය දෙන බවට රුමේනියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටී (Traian Hristea) පවසා සිටි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව, ආයෝජන සහ රැකියා ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (25) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීය.

ඒසේම රුමේනියානු අගනගරය වන බුකරෙස්ට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් රුමේනියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටී (Traian Hristea) මහතා ශ්‍රී ලංකාවට ස්තූතිය පුද කළේය.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් රුමේනියානු රජයට අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පළ කළ අතර රුමේනියාව 2016 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන්ගේ වඩාත් ජනප්‍රිය රැකියා ගමනාන්තය වේ.

රුමේනියාව මේ වන විට මහා පරිමාණ යටිතල පහසුකම් සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරමින් සිටින බැවින් එමගින් ශ්‍රී ලාංකිකයන් සඳහා අමතර රැකියා අවස්ථා හිමිවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටී මහතා මෙහිදී පැවසීය.

අධ්‍යාපනය, කෘෂිකර්මය, දුම්රිය, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා රුමේනියාවෙන් ඉල්ලා සිටියේය. වත්මන් ආර්ථික අර්බුදයට අදාළ ගැටළු විසඳීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කළ ඔහු යුරෝපා සංගමයේ අඛණ්ඩ සහාය මෙරටට අවශ්‍ය බව අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ අපනයන සඳහා GSP ප්ලස් තීරුබදු සහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සිදුකරන ඉල්ලීමට තම රට සහාය දෙන බවට රුමේනියානු රාජ්‍ය අමාත්‍යවරයා සහතික විය.

රුමේනියානු රාජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙම හමුවට කොළඹ රුමේනියානු තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති ආචාර්ය වික්ටර් චියුජියා මහතා, රුමේනියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ඩයනා ටේස් මහත්මිය සහ එහි උපදේශක බොග්ඩන් ඇල්ඩියා මහතා ද සහභාගී විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, ආචාර්ය ජයන්ත ජයමාන්න සහ සුගීස්වර සේනාධිර යන මහත්වරුද එක්ව සිටියහ.

Post Views: 12
Previous Post

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් මෙරටට ඖෂධ පරිත්‍යාගයක්

Next Post

  මහජන සෞඛ්‍ය හෙද නිලධාරී සේවාව පුළුල් කිරීමට පියවර ගන්නා – ඇමැති කෙහෙලිය

editor

editor

Next Post

  මහජන සෞඛ්‍ය හෙද නිලධාරී සේවාව පුළුල් කිරීමට පියවර ගන්නා - ඇමැති කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved