නීතිවිරෝධී සංක්‍රමණිකයන් වහාම රටින් පිටුවහල් කරන ලෙස (Mass deportations) බලකරමින් දහස් සංඛ්‍යාත ඉතාලි ජාතිකයින් රෝම අගනුවර වීදි බැස දැවැන්ත විරෝධතාවල නිරත වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
“අපේ අසල්වැසි ප්‍රදේශ අපිට ආපසු දෙන්න! සියලු දෙනාම වීදි බසින්න!” (Let’s take back our neighborhoods! Everyone OUT!) යන සටන් පාඨ පෙරදැරි කරගනිමින් මෙම විරෝධතාකරුවන් නගරය පුරා ගමන් කරමින් සිටිති. පාලනයකින් තොරව සිදුවන සංක්‍රමණ හේතුවෙන් රෝමයේ ඇතැම් දිස්ත්‍රික්ක සාමාන්‍ය වැසියන්ට ඇතුළු විය නොහැකි අන්තරායකර කලාප (No-go zones) බවට පත්ව ඇති බවට ඔවුහු දැඩි ලෙස චෝදනා කරති.
අද (13) දින පස්වරුවේ රෝමයේ ප්‍රධාන ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මෙම විරෝධතා සංවිධානය කර තිබූ අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ඉතාලි ආරක්ෂක අංශ විසින් නගරයේ ආරක්ෂාව දැඩි කර තිබේ. යුරෝපය පුරා සංක්‍රමණික විරෝධී රැල්ලක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක, ඉතාලි වැසියන් මෙලෙස දැඩි ස්ථාවරයක සිටිමින් වීදි බැසීම ගෝලීය අවධානයට ලක්ව ඇත.
















