ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිතගේ අභාවයෙන් පසු සමාජ මාධ්‍යවල හුවමාරු වන හඬපට සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ විසින් ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.
තම සැමියා සමඟ ඇති වූ මතභේදයක් හේතුවෙන් තමන් දෙදෙනා අතර රණ්ඩුවක් හටගත් බවත්, එහිදී පරුෂ වචනවලින් බැන ගනිමින් ඔහු තමාට පහර දුන් බවත් ඇය පවසා ඇත. ගායකයාගේ අභාවයෙන් පසුව අදාළ හඬපට සහ සිදුවීම් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.














