පළමු වරට ආසියානු ක්‍රීඩා උළෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් එක්කර තිබේ.
ජනාධිපතිවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ රුමේෂ් තරංග ලබාගත් මෙම ඓතිහාසික ජයග්‍රහණය හරහා සමස්ත ජාතියම ආඩම්බරයට පත්වූ බවයි.
සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ක්‍රීඩාවේ ඉහළම ජයග්‍රහණය වන ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීම සඳහා රුමේෂ් තරංග යන ගමන සාර්ථක වේවායි තමන් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යොමුවන සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහායවීම සඳහා පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය එක්ස් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.














