• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය බැංකුවල ඇති හිතවතුන්ගේ ණය කපා හැර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි – වැඩබලන මුදල් ඇමැති රංජිත්

25 May 2023
in දේශීය

රාජ්‍ය බැංකු මගින් ලබාගෙන ඇති ඇතැම් ණය මුදල් දේශපාලන හිතවත්කම් මත කපා හැරි ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යය බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මුදල් පනත යටතේ ක්‍රියාත්මක නියෝග කිහිපයකට අදාළ අද (26) දින පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමිනි.

නිදහස් ශ්‍රී ලංකාවේ හය වැනි වතාවට ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇති බව හෙතෙම පැවසිය. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය මෙරට ආර්ථික යළි අවදිවෙමින් තිබෙන බවට සුබවාදී සලකුණක් බවයි.

2023 වසරේ මුල් කාර්තුව තුළ ප්‍රාථමික ගිණුම රුපියල් බිලියන 48ක ධන අගයක් වාර්තා කර තිබේ. මීට පෙර එවැනි ධන අගයක් වාර්තා වී ඇත්තේ 2018 වසරේ දීය.

2021 වසරේ පළමු කාර්තුව තුළ ප්‍රාථමික ගිණුමේ රුපියල් බිලියන 1009ක හිගයක් අගයක් පෙන්නුම් කළ අතර 2022 වසරේ දී එම හිගය දැක්වුණේ බිලියන 894ක් අගයක් ලෙස ය. 2023 වසරේ මුල් කාර්තුව තුළ රජයේ ආදායම රුපියල් බිලියන 635ක් ලෙස දැක් වෙන අතර වියදම රුපියල් බිලියන 1260කි. ඉන් රුපියල් බිලියන 637ක ණය පොලී වාරික ඉවත් කළ විට වියදම දැක්වෙන්නේ රුපියල් බිලියන 587ක් ලෙසිනි. ඒ අනුව 2023 වසරේ එම කාලය තුළ ප්‍රාථමික ගිණුම රුපියල් බිලියන 48ක ධන අගයක් පෙන්වන බව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නිදහස් ශ්‍රී ලංකාවේ මීට පෙර අවස්ථා පහක දී ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇත. 1954 වසරේ දී පළමු වරට ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය රුපියල් මිලියන 57කි. 1955 වසරේ දී ද ධන අගයක් වාර්තා වී අතර එම ප්‍රමාණය රුපියල් මිලියන 150කි. ඉන් පසු ප්‍රාථමික ගිණුම ධන අගයක් වාර්තා වී ඇත්තේ 1992 වසරේ දීය. එම ප්‍රමාණය රුපියල් මිලියන 177කි. 2017 වසරේ දී ප්‍රාථමික ගිණුමේ රුපියල් මිලියන 2071ක ධන අගයක් සනිටුහන් විය.
අවසාන වශයෙන් ධන අගයක් වාර්තා වූ 2018 වසරේ දී එම අගය දැක්වුණේ රුපියල් මිලියන 91,421ක් ලෙසිනි.

මේ අතර රාජ්‍ය බැංකු මගින් ලබාගෙන ඇති ඇතැම් ණය මුදල් දේශපාලන හිතවත්කම් මත කපා හැරි ඇති බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් ම වැඩබලන මුදල් අමාත්‍යවරයා මෙහි දී අදහස් පළ කළේ ය. මහජන බැංකුව සහ ලංකා බැංකුව යන රාජ්‍ය බැංකු දෙක මගින් නිකුත් කළ ප්‍රකාශ සභා ගත කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි ණය කපා හැරීමක් පිළිබඳ සිතිවිල්ලක් හෝ රජයට නොමැති බවයි. සමස්ත ජනතාව ණය බරින් සිටින මොහොතක මෙවැනි අසත්‍ය ප්‍රචාර සියලු ජනතාව පීඩාවට පත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Post Views: 7
Previous Post

යතුරුපැදි අනතුරින් 15 හැවිරිදි සිසුවෙක් මරුට

Next Post

සයිමෝල් පදනමේ ව්‍යාපෘති ග්‍රාමීය උන්නතිය සඳහා වැදගත් – අගමැති

editor

editor

Next Post

සයිමෝල් පදනමේ ව්‍යාපෘති ග්‍රාමීය උන්නතිය සඳහා වැදගත් - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved