පිළිමතලාව ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනයේදී පැවති ප්‍රථම ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, දරිද්‍රතාව යනු පවුලක ආදායමෙන් පමණක් මැනිය හැක්කක් නොවන බව පෙන්වා දුන්නේය. නිවාස, පෝෂණය, අධ්‍යාපනය, සෞඛ්‍යය, රැකියා අවස්ථා සහ ආරක්ෂිත පරිසරය වැනි බහුවිධ සාධක මත ජනතාවගේ ජීවන තත්ත්වය සහ ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම ග්‍රාමීය සංවර්ධනයේ සැබෑ අරමුණ විය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ජපානයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන්. එස්. කුරේ ඇතුළු දේශීය හා විදේශීය විද්වතුන් රැසක් සහභාගී වූ මෙම සමුළුවේදීය.
ආර්ථික අර්බුද, දේශගුණික විපර්යාස සහ වෙළෙඳපොළ වෙනස්කම් හමුවේ ග්‍රාමීය ප්‍රජාවන් ශක්තිමත් කිරීම සඳහා විවිධ ආදායම් මාර්ග, තාක්ෂණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීමේ කාලීන අවශ්‍යතාව මෙම සාකච්ඡාව මඟින් මතු කර තිබේ. රාජ්‍ය නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එක්වී සැකසෙන මෙම පර්යේෂණ දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් ඉදිරියේදී ජාතික මට්ටමේ ග්‍රාමීය සංවර්ධන ප්‍රතිපත්ති වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ප්‍රබල උත්ප්‍රේරකයක් වනු ඇතැයි අපේක්ෂිතය.














