යුක්‍රේනයේ දොනෙට්ස්ක් කලාපයේ පිහිටි නොබෝඇන්ඩ්‍රිව්කා + සහ රුබිෂ්නෙ යන ගම්මාන මෙන්ම සුමි කලාපයේ පිහිටි ක්‍රාපිව්ෂ්චිනා යන ගම්මානය තම හමුදා විසින් අල්ලාගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව Reuters පුවත් සේවය වාර්තා කරයි.
තම ටෙලිග්‍රෑම් චැනලය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, යුක්‍රේන බැලස්ටික් මිසයිල සඳහා අවශ්‍ය උපාංග ගබඩා කර තිබූ කියෙව් කලාපයේ පිහිටි ප්‍රවාහන හා සම්පත් මධ්‍යස්ථානයකටද තම හමුදා විසින් සාර්ථකව ප්‍රහාර එල්ල කළ බවයි. කෙසේ වෙතත් රුසියාව ඉදිරිපත් කරන මෙම වාර්තා සම්බන්ධයෙන් ස්වාධීන තහවුරු කිරීමක් සිදු කර නොමැති බවද රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.














