යුක්රේනය විසින් එල්ල කරන ලද දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් හේතුවෙන් රුසියාව පුරා දරුණු ඉන්ධන හිඟයක් හටගෙන ඇති අතර, තෙල් පිරිපහදුවලට සිදුවූ හානි නිසා ඉන්ධන අලෙවිය සීමා කිරීමට, මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ දැමීමට සහ පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් නිර්මාණය වීමට එය හේතු වී තිබෙනවා. වසර හතරක් තිස්සේ ඇදී යන මෙම යුද්ධයේ සැබෑ ප්‍රතිවිපාකවලින් තම පුරවැසියන් ආරක්ෂා කර ගැනීමට ක්‍රෙම්ලිනය (රුසියානු රජය) ගන්නා උත්සාහයට මෙම තත්ත්වය දැඩි හිසරදයක් වී ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන්ම මේ සතියේදී මොස්කව් අගනුවර සහ ඒ අවට කලාපයට අවශ්‍ය සමස්ත ඉන්ධන සැපයුමෙන් තුනෙන් එකකට වඩා (1/3) නිෂ්පාදනය කරන මොස්කව්හි පිහිටි ප්‍රධානතම තෙල් පිරිපහදුවකට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර දිගින් දිගටම එල්ල වී තිබෙනවා. සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ දර්ශනවලට අනුව, එහි වූ දැවැන්ත තෙල් ගබඩා ටැංකියක් පිපිරී යාමෙන් විශාල ගිනි ජාලාවක් සහ දුමාරයක් මතුවෙමින් මුළු පිරිපහදු සංකීර්ණය පුරාම දරුණු ලෙස ගින්න පැතිර යන අයුරු දැකගත හැකි වුණා. පෙරමුණේ යුද බිමේ සිට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි ප්‍රදේශවල පවා මේ වන විට ජනතාව ඉන්ධන ලබාගැනීමට දැඩි ලෙස පීඩා විඳිමින් සිටිනවා.
















