යුක්‍රේන වරාය යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් රුසියාව මේ වසරේදී ප්‍රහාර දැඩි කර ඇති බව යුක්‍රේනය සඳුදා (04) ප්‍රකාශ කළේය. 2026 වසරේ මුල් මාස හතර තුළදී ඩ්‍රෝන ප්‍රහාර 800කට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා භාවිත කර ඇති අතර, එය පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී දස ගුණයක වැඩිවීමකි.
යුක්‍රේන යුද ආර්ථිකය සඳහා දකුණු ඔඩෙසා කලාපයේ වරායන් විවෘතව තබා ගැනීම අතිශයින්ම වැදගත් වේ. අපනයනවලින් වැඩි ප්‍රමාණයක් ධාන්ය වර්ග වන අතර, රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය විදේශ විනිමය ආදායම සඳහා එය ප්‍රධාන වේ.
2022 පෙබරවාරි මාසයේදී යුක්‍රේනයට එරෙහිව රුසියාව ආක්‍රමණය ආරම්භ කළ දා සිට, වරාය පහසුකම් 900කට වැඩි ප්‍රමාණයක් සහ සිවිල් නෞකා 177ක් හානි වී හෝ අර්ධ වශයෙන් විනාශ වී තිබේ.
ප්‍රහාර මාලාව නොතකා, වසරේ ආරම්භයේ සිට මේ දක්වා ටොන් මිලියන 30කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් යුක්‍රේනයේ වරායන් හරහා සැකසීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත්, මහ බැංකු දත්තවලට අනුව මාර්තු මාසයේ භාණ්ඩ අපනයනය ඉහළ ගොස් ඇත්තේ සියයට 0.6කින් පමණි.














