රුසියාව සහ යුක්රේනය අතර ඔලෙෂ්කි ප්රදේශය කේන්ද්ර කරගනිමින් ක්රියාත්මක වූ සීමිත සටන් විරාමය, කෙර්සන් කලාපයේ තවත් ප්රදේශ දක්වා පුළුල් කර ඇති බව ඇමෙරිකානු ජනාධිපති ආර්යා මෙලනියා ට්රම්ප් පවසයි.
මානුෂීය ආධාර රැගත් රථ පෙළවල්වලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව සැලසීම මෙම පියවරේ අරමුණ බව ඇය සඳහන් කර තිබේ.
සටන් විරාමය මුලින් සැලසුම් කළ කාලයට වඩා දින දෙකකට පෙර ක්රියාත්මක කිරීමට පියවර ගත් බව ද මෙලනියා ට්රම්ප් සිය X ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර ඇත. එමගින් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, අත්යවශ්ය මානුෂීය ආධාර බෙදාහැරීමටත් පහසුකම් සැලසෙනු ඇතැයි ඇය පෙන්වා දී තිබේ.
රුසියානු පාලනය යටතේ පවතින ඔලෙෂ්කි නගරයේ ජනතාව ආහාර, ඖෂධ, ජලය සහ අනෙකුත් අත්යවශ්ය සැපයුම් හිඟයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම සටන් විරාමය අදාළ වන්නේ නිශ්චිත ප්රදේශයක මානුෂීය මෙහෙයුම් සඳහා පමණක් වන අතර, එය රුසියා–යුක්රේන යුද්ධය පුරා ක්රියාත්මක වන සටන් විරාමයක් නොවේ.
















