යුක්‍රේනයේ ඔඩේසා (Odesa) වෙරළට ඔබ්බෙන් වූ ගිණිබිසව් (Guinea-Bissau) ධජය රැගත් වෙළෙඳ නෞකාවකට රුසියාව එල්ල කළ කෲස් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තිබේ.
මියගිය පිරිස අතර නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 9 දෙනෙකු සහ එක් නියමුවෙකු (Pilot) සිටින බව යුක්‍රේන බලධාරීන් තහවුරු කර ඇත.
ඔඩේසා කලාපය ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා මෑත සතිවලදී දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ජූලි මාසය තුළ පමණක් එල්ල වූ රුසියානු ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් තිබේ.
















