එක්සත් ජනපදයේ දැනට ක්‍රියාත්මක වන ‘Daylight Saving Time’ ක්‍රමවේදය යටතේ වසරකට දෙවතාවක් වේලාව වෙනස් කිරීම නතර කර, එක් ස්ථිර වේලාවක් (Permanent Daylight Saving Time) පවත්වාගෙන යාමේ පනතට අනුමැතිය ලබාදෙන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට සෙනෙට් සභාවෙන් ඉල්ලා සිටියි.
මෙම පනත ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (House of Representatives) විසින් පසුගියදා සම්මත කරන ලද අතර, සෙනෙට් සභාව තුළ ඊට යම් විරෝධයක් මතුව තිබේ. කෙසේ වෙතත්, මෙම පනතට පක්ෂව ඡන්දය ලබාදෙන ලෙස ජනාධිපති ට්‍රම්ප් පෞද්ගලිකවම සෙනෙට් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් කරමින් සිටින බව වාර්තා වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














