යුක්‍රේනයේ දකුණුදිග ඔඩේසා (Odesa) කලාපයේ පිහිටි ඉස්මායිල් වරාය වෙත රුසියාව විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ නෞකාවකට හානි සිදුව ඇති බව යුක්‍රේන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඔලෙක්සි කුලේබා (Oleksiy Kuleba) අද (අප්‍රේල් 14) ප්‍රකාශ කළේය. ඊයේ රාත්‍රී කාලයේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් වරාය පරිශ්‍රයේ යටිතල පහසුකම් කිහිපයකට සහ එහි තිබූ උපකරණවලට ද දැඩි හානි සිදුව ඇති බව ඔහු සඳහන් කරයි.
ටෙලිග්‍රෑම් (Telegram) පණිවුඩ සේවාව හරහා අදහස් දක්වමින් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ වරාය ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර කිහිපයක්ම එල්ල වී ඇති බවයි. යුක්‍රේනයේ ධාන්‍ය අපනයන කටයුතු සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් වන මෙම වරාය ඉලක්ක කර ගනිමින් රුසියාව දිගින් දිගටම මෙවැනි ප්‍රහාර එල්ල කරන බවට යුක්‍රේන බලධාරීන් චෝදනා කරයි.














