උතුරු යුක්‍රේනයේ සුමි (Sumy) නගරයේ පිහිටි ජනාකීර්ණ වෙළඳ සංකීර්ණයක් ඉලක්ක කරගනිමින් රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය ආණ්ඩුකාර ඕලෙහ් ග්‍රිගොරොව් (Oleh Hryhorov) තහවුරු කරයි.
ප්‍රහාරයෙන් අනතුරුව අදාළ වෙළඳ සංකීර්ණයේ විශාල ගිනිගැනීමක් හටගෙන ඇති අතර, ගොඩනැගිල්ලට සහ පදික වේදිකාවට දැඩි හානි සිදු වී ඇති බව වාර්තා වේ. සහන සේවා සහ සෙවුම් මෙහෙයුම් කණ්ඩායම් මේ වන විටත් සුන්බුන් අතර මෙහෙයුම්වල නිරතව සිටිති. රුසියානු දේශසීමාවට ආසන්නව පිහිටි සුමි කලාපය වෙත රුසියානු බලකායන් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ආරක්ෂිත කලාපයක් (Buffer zone) නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් මොස්කව් පාලනය මෙම ප්‍රහාර එල්ල කරන බව ප්‍රකාශ කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














