• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සබැදියාවේ නියමුවා – Youth Pack සම්බන්ධතාවය තරුණ තරුණයින්ට ඉතා වටිනවා – ඇමැති රොෂාන්

4 August 2022
in දේශීය

SLT මොබිටෙල් ආයතනය මගින් පිරිනමන පහසුකම් රැසක් පිරි “Youth Pack” ජංගම දුරකතන සම්බන්ධතාවය ජාතික තරුණ සේවා සභාවේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් හට මහගු පිටුවහලක් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ජාතික තරුණ සේවා සභාව හා SLT මොබිටෙල් ආයතනය එක්ව “Youth Pack” ජංගම දුරකතන සම්බන්ධතාවය තරුණ තරුණියන් වෙත හදුන්වාදීමට ඊයේ (03) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ පැවති වැඩසටහනේ දී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” රටක් ලෙස ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස වැටෙන්න තිබෙන පහලම තැනට අපි වැටිලා අවසන්. මේ රටේ අර්බුදය මේ තැනට පත්වෙන්න හේතුව මගේ පැත්තෙන් මම හිතනවා දේශපානයේ සිදු වූ අඩුපාඩු මෙන්ම රාජ්‍ය සේවයේ දුර්වල කමත්, මහජනතාවගේ කැපවීම කියන මේ කුළුණු තුනම වගකිව යුතුයි. ආකල්පයම වෙනස කිරීමට හොදම කාලය ලෙස ඉදිරි වසර දෙක හැදින්විය හැකියි. රාජ්‍ය ආයතන දැවැන්ත පාඩු ලබනවා. පාඩු ලබන්න හේතුව ලෙස මම දකින්නේ රාජ්‍ය සේවයේ සේවය කරන පිරිස් ඔවුන්ගේ ආයතන ‘‘රාජ්‍ය සම්පත්’’ ලෙස හදුන්වා ගන්නවා. එය ඔවුන්ගේ ‘‘තේමාව’’ බවට පත්කරගෙන තිබෙනවා. නමුත් ඔවුන් තේමාව ලෙස හදුන්වා දෙන රාජ්‍ය සම්පත් ගැන ආදරයක් තිබෙනවානම්, ඒවා ආරක්ෂා කරනවානම් එම ආයතන කවදාවත් කඩා වැටෙන් නැහැ. පෞද්ගලික සහ රාජ්‍ය අංශය මැදිහත් වෙලා පවත්වාගෙන යන ප්‍රධාන ආයතනයක් ලෙස SLT මොබිටෙල් ආයතනය රජයට ලාභ ලබා දෙන රාජ්‍ය පෞද්ගලික අනුබද්ධ ආයතනයක්. මොවුන් සමස්ථ පාඩු ලබන රාජ්‍ය ආයතනයන්ට ආදර්ශයක් වී කටයුතු කරනවා. ඒ පිළිබදව අපිට ලොකු සතුටක් තිබෙනවා. ප්‍රෞඩ ඉතිහාසයක් තිබෙන අපි, පෙරදිග ධාන්‍යාගාරය ලෙස බොහෝ රටවලට කෑම යවපු අපි අද පත්වෙලා තිබෙන තැන ගැන අපි රටක් ජාතියක් ලෙස ලැජ්ජාවිය යුතුයි. සියලුදෙනා එක්ව කටයුතු කළොත් අපිට නැවත මේ රට ගොඩ ගත හැකියි. ඒ තැනට යාමට නම් ලක්ෂ 50 ක් වූ තාරුණ්‍ය ශක්තිමත් කර දැනුමෙන් පෝෂණය කර ජීවන කුසළතා ගොඩනැංවිය යුතුයි. එලෙස ඔවුන්ව සමාජ ගත කළහොත් පමණයි ආකල්පමය වෙනස, ක්‍රමයේ වෙනසකට යාමට හැකි වන්නේ. ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට අත්වැලක් වීමට SLT මොබිටෙල් ආයතනය ඉදිරියට පැමිණ තිබෙනවා. ඔවුන්ගේ කුසළතා, වෘත්තිය අධ්‍යාපනය නගාසිටුවීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි වරට ඉතාම සහන මිලකට මෙම පැකේජය ලබා දීම සම්බන්ධව මම SLT මොබිටෙල් ආයතනයට ස්තූතිය හා ගෞරවය පුද කර සිටිනවා. යැයි අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති රවීන්ද්‍ර සමරවික්‍රම මහතා, වාරිමාර්ග අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය ටිරාන් ද අල්විස් මහතා, SLT මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි චන්දික විතාරන මහතා, සාමාන්‍යාධිකාරි සුගත් අබේසිංහ මහතා, සාමාන්‍යාධිකාරි රුක්ෂාන් ද සිල්වා මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නලින් ගම්ලත් මහතා සහභාගී විය.

 

 

Post Views: 5
Previous Post

පොදු රද මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මිටර් 100 ඉසව්වෙන් යුපුන් ලෝකඩ පදක්කම දිනා ගනි

Next Post

දුම්රිය සාමාන්‍යාධිකාරී සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට නව ප්‍රධානීන් පත් කෙරේ

editor

editor

Next Post

දුම්රිය සාමාන්‍යාධිකාරී සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට නව ප්‍රධානීන් පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved