රත්නපුර පිහිටි සබරගමුව පළාත් සභා සංකීර්ණයේ ඉඩකඩ පුළුල් කිරීමේ අරමුණින් නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු පසුගියදා සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම ව්‍යාපෘතිය මගින් පළාත් සභාවේ පරිපාලන සහ කාර්යාලීය කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ.
















