සබරගමුව පළාතේ සංචාරක කර්මාන්තය නංවාලීමේ අරමුණින් පුළුල් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පියවර ගෙන තිබේ. සබරගමුව පළාත් සංචාරක අමාත්‍යාංශය, සබරගමුව විශ්වවිද්‍යාලය සහ සෙසු පළාත් පාලන ආයතන ඒකාබද්ධව සංවිධානය කරන මෙම වැඩසටහනේ ප්‍රථම අදියර ජාත්‍යන්තර සංචාරක දිනයට සමගාමීව සැප්තැම්බර් 25, 26 සහ 27 යන තෙදින පුරා රත්නපුර උඩවලව සංචාරක කලාපය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.
උඩරට පහතරට නර්තනාංග, දෙස් විදෙස් ආහාරපාන සහ අත්කම් නිර්මාණ, සංචාරක ක්ෂේත්රයේ රැකියා අවස්ථා ප්‍රවර්ධනය මෙන්ම ප්‍රදර්ශන කුටි සහ අධ්‍යාපනික වැඩසටහන් මෙම ප්‍රවර්ධන වැඩසටහනට ඇතුළත් වේ. රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මිණිපුර, සමනල වැව, උඩවලව, සිංහරාජ, දැදිගම සහ සීතාවක ලෙස සංචාරක කලාප හයක් සංවර්ධනය කිරීමට නියමිත අතර, ශ්‍රී පාදස්ථානය, උඩවලව ඇත් අතුරු සෙවන, බටදොඹ ලෙන, වවුල්පන හුණුගල් ගුහාව සහ බෝපත් ඇල්ල ඇතුළු ඓතිහාසික හා මනස්කාන්ත සංචාරක ස්ථාන රැසක් මෙහිදී ලෝකයාටම අනාවරණය කෙරේ.














