• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සහස්පුර , තුරුඉතුරුගම නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් සදහා හිමිකම් ඔප්පු ලබා දීම ඇරඹේ

8 August 2023
in සංවර්ධන

බොරැල්ල “සහස්පුර”හා අනුරාධපුර “තුරුඉතුරුගම” නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් සදහා හිමිකම් ඔප්පු ලබා දීම ඇරඹු බව නාගරික සංවර්ධන අධීකාරිය පවසයි.

ඒ අනුව ප්‍රතිලාභීන් සඳහා හිමිකම් ඔප්පු 24ක් ප්‍රධානය කිරීම නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දින බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධීකාරිය ශ්‍රවණාගාරයේදී සිදුවිය.

බොරැල්ල “සහස්පුර” නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් 23 දෙනෙකු හා අනුරාධපුර “තුරුඉතුරුගම” නිවාස ව්‍යාපෘතියේ එක් ප්‍රතිලාභියකු සදහා සංකේතාත්මකව මෙහි දී හිමිකම් ඔප්පු ලබා දුන් අතර අනෙක් නිවාසලාභීන් සදහා කඩිනමින් ඔප්පු ලබා දීමට පියවර ගෙන ඇතැයි නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත රත්නායක මහතා සඳහන් කළේය.

“තිරසර පුරවර”වැඩසටහන යටතේ රාජ්‍ය පෞද්ගලික සමාගමක් වූ, සීමාසහිත රියල් එස්ටේට් එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම විසින් නිවාස ඒකක 686 කින් හා වාණිජ ඒකක 68 ක් හා සේවා ඒකක 57 කින් සමන්විත සහස්පුර මහල් නිවාස සංකීර්ණය ඉදිකර 2001 වර්ෂයේදී ජනතා අයිතියට පත් කර ඇත.

අඩු පහසුකම් යටතේ කොළඹ මහ නගර සභා කලාපය තුළ ජීවත් වූ 52 වත්ත, 60 වත්ත, 62 වත්ත, 14 වත්ත, 83 වත්ත, 254 වත්ත, ලොග්ගේට් ලේන් වත්ත, 105 වත්ත, 66 වත්ත, 54 වත්ත, 30 වත්ත, 22 වත්ත, 48 වත්ත, සෙන් සෙබෙස්තියන් වීදිය, බෝසෙවණ වත්ත වැනි ජනාවාසවල ජීවත් වූ පවුල් මෙහි නැවත පදිංචි කරවා ඇත.

2008 අංක 36 දරණ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරී පනතින් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සංස්ථාපනය කිරීමේදී රීල් සමාගමේ වත්කම් සහ වගකීම් කළමනාකරණය කර පාලනය කිරීමේ වගකීම නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සතු විය.

සහස්පුර මහල් නිවාස සංකීර්ණයේ ප්‍රතිලාභීන් වෙත ඒ වන විට බැහැර කර නොතිබූ නේවාසික මහල් නිවාස 204 ක්, වාණිජ ඒකක 68 ක්, සේවා ඒකක 57 ක් 2018.02.21 වන දින සිට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට පැවරී ඇත.

ඒ අනුව, මේ දක්වා තම නිවාසයන්ට අදාළ ගෙවීම් අවසන් කරන ලද නේවාසික ඒකක 67 ක් සඳහා ප්‍රතිලාභීන්ට ඔප්පු ලබාදීමට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබේ.

අනුරාධපුර නගර සීමාව තුළ ජල ගැලීම් වැනි ස්වාභාවික විපත් වලින් පීඩාවට පත් වන (මල්වතු ඔය පිටාර ගැලීම නිසා) පරිසර සංවේදී හෝ රක්ෂිත ප්‍රදේශවල ජීවත් වන අඩු ආදායම්ලාභී ප්‍රජාව ඉලක්ක කර ගනිමින් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් අනුරාධපුර, කටුකැලියාව “තුරුඉතුරුගම” නිවාස ව්‍යාපෘතිය 2013 වර්ෂයේදී ජනතා අයිතියට පත්කරන ලදී. ප්‍රතිලාභීන් 102 ක් සඳහා නිවාස පහසුකම් සැපයීමට මෙමගින් හැකි විය.

මෙම අවස්ථාවට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත රත්නායක, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් යන මහත්වරු ඇතුළු නිවාසලාභීන් පිරිසක් සහභාගී වූහ.

Post Views: 30
Previous Post

DFCC Galaxy සමගින් Metaverse තුළ ශාඛාවක් විවෘත කළ ප්‍රථම ශ්‍රී ලාංකික බැංකුව බවට පත්වෙයි

Next Post

හානී වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් – කෘෂි ඇමැති මහින්ද

editor

editor

Next Post

හානී වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් - කෘෂි ඇමැති මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved