• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සයිමෝල් පදනමේ ව්‍යාපෘති ග්‍රාමීය උන්නතිය සඳහා වැදගත් – අගමැති

25 May 2023
in දේශීය

කොරියාවේ සයිමෝල් පදනමට මගින් ක්‍රියාත්මක සබරගමුව පළාතේ නියමු ව්‍යාපෘති ග්‍රාමීය යටිතල පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්තුතිය පල කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) දින අරලියගහ මන්දිරයේ දී සයිමෝල් පදනමේ සභාපති ලී සුන්ග් ජොන්ග් (Lee Seung Jong), ග්යොන් සැන්ග්බක්ඩෝ පළාතේ ආණ්ඩුකාර, කොරියානු ආධාර සපයන ආයතනයේ ප්‍රධානි මෙන්ම Gyambuk , චිත්‍ර හා සංස්කෘතික පදනමේ සභාපති කෝ යම් චෝල් සහ එම පදනම් හී ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් අතර පැවැති සාකච්ඡාවේදිය.

සයිමෝල් පදනමේ ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් එම පදනම සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අතර අත්සන් තබන ලදී. කෝ යම් චෝල් සහ අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර විසින් අග්‍රාමාත්‍යවරයා සහ සයිමෝල් පදනමේ සභාපති ලී සුන්ග් ජොන්ග් මහතා ඉදිරියේ අරලියගහ මන්දිරයේ දී ඊට අත්සන් තබන ලදී.

කොරියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමට Saemaul Undong නව ගම්මාන ව්‍යාපාරය සිදුකරන දැවැන්ත සේවය පිළිබඳව ප්‍රශංසා කළ අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන සැලසුම් සඳහා ශ්‍රී ලංකාවට එහි අත්දැකීම් භාවිත කළ හැකි බව පැවසීය.

සයිමෝල් සභාපතිවරයා පැවසුවේ Saemaul Undong සඳහා වන ගෝලීය උනන්දුව සහ විදෙස් සංවර්ධන අනුග්‍රහයන් සැපයීමේ දී සංවර්ධනය වෙමින් පවතින රටවලට ග්‍රාමීය සංවර්ධනය සඳහා ආධාර ලබාදීමට කොරියානු රජය දක්වන උනන්දුව මත පදනම්ව, ශ්‍රී ලංකාවට ලබාදෙන සිය සහයෝගය පුළුල් කර ඇති බවයි.

මෙම ව්‍යාපෘති සමඟින් තවදුරටත් සයිමෝල් ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන අතර ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන සැලැස්ම සඳහා උත්ප්‍රේරකයක් ලෙස ග්‍රාමීය ප්‍රජාවන් නඟා සිටුවීම, අනාගත ව්‍යාපෘති සඳහා සහයෝගීතාවය ලබාදීම පිළිබඳව ද ඔහු එහි දී වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, වැඩබලන කොරියානු තානාපති ජුන්ග් සොන්යී (Jung Sohnyee) සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.

Post Views: 24
Previous Post

රාජ්‍ය බැංකුවල ඇති හිතවතුන්ගේ ණය කපා හැර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි – වැඩබලන මුදල් ඇමැති රංජිත්

Next Post

ඉන්දීය ධීවර ආක්‍රමණය අනුමත කළ නොහැකියි – ඇමති ඩග්ලස්

editor

editor

Next Post

ඉන්දීය ධීවර ආක්‍රමණය අනුමත කළ නොහැකියි - ඇමති ඩග්ලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved